කෝටි 217ක ස්කෑන් එක මුල්ලේ රේගු පෝලිම් ඩබල් වේ

494

මෙරටට ගෙනඑනු ලබන භාණ්ඩ ඇතුළත් කන්ටේනර් රථ පරීක්‍ෂාවට ශ්‍රී ලංකා රේගුවට ලබාගෙන තිබෙන රුපියල් කෝටි දෙසීය දාහතක් (බිලියන 2.17) වටිනා ස්කෑන් යන්ත්‍රය භාවිත නොකර සාම්ප්‍රදායික ක්‍රම මත නිෂ්කාශන කිරීම නිසා රේගු කටයුතු පමාවන බව ආනයන අපනයන නිෂ්කාශන සංගමයේ සභාපති උවලේඩ් සම්සුඩීන් මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර මත මීට වසර හතරකට පමණ පෙර ශ්‍රී ලංකා රේගුවට මෙම ස්කෑන් යන්ත්‍රය ගෙනැවිත් තිබේ.

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම ස්කෑන් යන්ත්‍රය මගින් කන්ටේනර් රථවල අඩංගු භාණ්ඩ පරීක්‍ෂාවට ලක්කළත් මේ සෑම කන්ටේනරයකම අඩංගු භාණ්ඩ බිමට ගෙන එකින් එක පරීක්‍ෂා කිරීමට රේගු නිලධාරීන් පියවර ගන්නා බව ද ඒ මහතා කීය.

ලෝකයේ වෙනත් රටවල් සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට නවීන තාක්‍ෂණික ක්‍රම මත ආනයනික භාණ්ඩ ඇතුළත් කන්ටේනර් රථ පරීක්‍ෂාවට ලක් කරන බව ද සම්සුඩීන් මහතා කීය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශන කටයුතු ප්‍රමාදයට හේතු හුවා දැක්වුවත් අදාළ ස්කෑන් යන්ත්‍ර හා අත්ස්කෑන් යන්ත්‍ර මගින් නිෂ්කාශන සිදුකරන්නේ කිසිදු ප්‍රමාදයකින් තොරව භාණ්ඩ නිදහස් කරගත හැකි බව ද ඒ මහාත පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment