කෝටි 22 ක වංචාවට අත්අඩංගුවට ගත් සැකකාරිය රිමාන්ඩ්

375

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වා ගෙන යමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් ව්‍යාපාර සඳහා යෙදවීමට රුපියල් විසි කෝටි හැට ලක්‍ෂයකට අධික මුදලක් ඇමෙරිකානු ඩොලර් හැට දහසක් ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්‍ෂයක් සහ රන් භාණ්ඩ වංචාකර සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලී නමැති සැකකාරිය ඊයේ (06 දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

විදේශවල මුදල් තැන්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පත් කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇත.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් ගෙවා තිබේ. එම මුදලට ලාභදායී පොලී මුදලක් නොගෙවීම මත කෝටිපතියන් 10 දෙනකු මේ වනවිටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

මෙම කාන්තාව පෙරේදා (05 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment