කෝටි 33ක මුදල් වංචාවකට මුදුන්ගොඩ සණස සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

411

මුදුන්ගොඩ සණස සමිතියේ රුපියල් තිස්තුන් කෝටි විසිහතර ලක්ෂයක මුදල් වංචාව සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැංකුවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් දහතුන් දෙනා ඔක්තෝම්බර් මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ අංක දෙක අධිකරණයේ මහෙස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා නඩුව යළි කැඳවූ අවස්ථාවේ නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් දහතුන්

දෙනාගෙන් කාන්තාවන් හයදෙනා පමණක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර සිටියේය. බස්නාහිර පළාතේ සමුපකාර කොමසාරිස්වරිය ඇගේ බලතල අයුතු ලෙස පාවිච්චි කරමින් සමුපකාර ප්‍රඥප්තියේ 76/2 වගන්තියට අනුව මහ සභාවක් කැඳවා මැදගම්පිටිය සණස බැංකුවේ සහ ගම්පහ දිස්ත්‍රික් සණස බැංකුව සණස නගර ශාඛාව යන බැංකු තුනක මුදල් වංචාවල සැකකරුවන් දෙදෙනෙකු නැවත අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇතැයි ද සණස නඩුවල තත්ත්වය වෙනස් කිරීමට මෙම කොමසාරිස්වරිය වක්‍රාකාරයෙන් උදව් කරන බව මේ අනුව පැහැදිලි වී ඇතැයිද විත්තියේ නිතීඥ ජනනිත් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය කඩකරමින් සමුපකාර ප්‍රඥප්තියට එරෙහිව ක්‍රියාකරමින් මහෙස්ත්‍රාත් අධිකරණය නොමග යවමින් අපැහැදිලි විගණන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් විගණන වාර්තා මීට පෙර නුදුටු බව පවසමින් අධිකරණයට අපහාස කරන මෙම කොමසාරිස්වරිය පිළිබඳව අභියාචනාධිකරණයට දැනුම් දිය යුතු යැයි නිතීඥවරයා ප්‍රකාශ කර සිටියේය.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

 

advertistmentadvertistment
advertistmentadvertistment