කෝටි 35ක කුඩු අංගොඩින් අල්ලයි

602

අත්අඩංගුවට ගත් සැකකරුවන්

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයකු බව කියන ‘ජිල්’ නමැත්තාට අයත් මත්කුඩු කිලෝ 12කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (14 වැනිදා) සමත් විය.

කෝටි 35ක කුඩු අංගොඩින් අල්ලයි

එම බළකායට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අංගොඩ, ටයර් කඩේ හන්දිය ප්‍රදේශයේ නිවසකදී කොටුකරගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 35කට අධික බව එම බළකාය කියයි. ධනුෂ්ක බුද්ධික හෙවත් ‘ජිල්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා මේ වනවිට ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින බව ආරක්‍ෂක අංශ මේ වනවිට හෙළිකරගෙන තිබේ.

‘ජිල්’ නමැත්තා මෙම මත්කුඩු මුහුදු මාර්ගයෙන් බෝට්ටු ඔස්සේ මෙරටට එවන්නට ඇතැයි එම බළකාය සැක කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ බුද්ධි විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන, යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment