කෝටි 45 ක කුඩු බණ්ඩාරගම ගෙදරක හංගලා

709

පානදුරේ සලිදු නමැති මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුට අයත් බව කියන රුපියල් කෝටි 45 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් බණ්ඩාරගම රේරුකාන ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී කළුතර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (30දා* අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම හෙරොයින් තොගය සමග 22 හැවිරිදි තරුණයකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා පොලිසියේ කෝප‍්‍රල්වරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.
 
අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 40 ක් වන අතර එය කිලෝග‍්‍රෑමය බැගින් වූ පාර්සල්වල අසුරා තිබූ බව පොලිසිය පවසයි.
 
මෙම හෙරොයින් තොගය සඟවා තිබී ඇත්තේ යුද හමුදා පොලිසියේ කෝප‍්‍රල්වරයාට අයත් බණ්ඩාරගම රේරුකාන ප‍්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයකය.
 
මෙම හෙරොයින් තොගය සඟවා ගෙන සිටීම සම්බන්ධයෙන් එම නිවසේ පදිංචිව සිටි යුද හමුදා පොලිසියේ කෝප‍්‍රල්වරයාගේ පියා සහ නැගණිය ද පොලිස් භාරයට ගෙන ඇත.
 
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාගේ මෙහෙය වීමෙන් සිදුකළ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.
 
විමර්ශන වලින් හෙළි වී ඇති අන්දමට මෙම හෙරොයින් තොගය පානදුරේ සලිදු නමැති ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරු විසින් දැනට අත්අඩංගුවේ සිටින 22 හැවිරිදි තරුණයාට ලබාදී ඇත්තේ ඉකුත් ජුනි මස 25 වැනිදාය.
පසුව මෙම හෙරොයින් තොගය බණ්ඩාරගම රේරුකාන ප‍්‍රදේශයේ සිය නිවස වෙත යවා ඇත්තේ යුද හමුදා පොලිසියේ සේවය කරන කෝප‍්‍රල්වරයා විසින්ය.
 
22 හැවිරිදි තරුණයා යුද හමුදා කෝප‍්‍රල්වරයාගේ ඥාති සොහොයුරකු වන අතර ඔහු සලිදුගේ ද සමීප මිතුරෙකි. 22 හැවිරිදි තරුණයා සහ සලිදු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කාලයක් තිස්සේ එකට යතුරුපැදි අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත.
 
මේ දිනවල යතුරුපැදි අලෙවි කිරීමේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යෑමට නොහැකි නිසා මුදල් ඉපයිය හැකි ව්‍යාපාරයක් කිරීමට ලබාදෙන ලෙස ද 22 හැවිරිදි තරුණයා සලිදු නමැති ජාවාරම්කරුට පවසා ඇත.
 
මෙම හෙරොයින් තොගය සලිදු විසින් 22 හැවිරිදි තරුණයා වෙත ලබාදී ඇත්තේ ඉන්පසුවය. එහිදී මෙම හෙරොයින් තොගය ලබාගෙන ඇති තරුණයා එය බෙදාහැරීම සඳහා සූදානම් කර බණ්ඩාරගම රේරුකාන ප‍්‍රදේශයේ හමුදා කෝප‍්‍රල්වරයාගේ නිවසේ සඟවා ඇත.
 
හමුදා කෝප්‍්‍රල්වරයා තම පියාට දුරකථනයෙන් කතාකර 22 හැවිරිදි තරුණයා රැුගෙන එන ගමන් මලූ දෙකක් නිවසේ ඉදිරිපස කාමරයේ තබන ලෙස උපදෙස් දී තිබේ.
 
ඒ අනුව මෙම තරුණයා රැුගෙන ආ හෙරොයින් සහිත ගමන් මලූ දෙක නිවසේ ඉදිරිපස කාමරයේ තැබීමට පියා කටයුතු කර ඇත.
 
මෙම ජාවාරමට හමුදා කෝප‍්‍රල්වරයාගේ පියා සහ නැගණිය සම්බන්ධ බවට කිසිදු තොරතුරක් මේ වනවිට අනාවරණය වී නැත. මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරමට යුද හමුදා පොලිසියේ රාජකාරි කරන කෝප‍්‍රල්වරයා සහ විසිදෙහැවිරිදි තරුණයා සම්බන්ධ බව අනාවරණය වී ඇත.
 
හමුදා කෝප‍්‍රල්වරයා සීදුව ප‍්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන අතර යුද හමුදාවේ ද සහය ඇතිව මොහු ඊයේ දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.
 
සැකකරුවන් සහ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ඊයේ භාරදීමට නියමිතව තිබිණි.
 
හෙරොයින් ප‍්‍රවාහනයට යොදාගත් ති‍්‍රරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
 
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති ආයාස කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඞී.එල්.ඒ. නයනජිත් මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් (41104* සමන්තිලක, කොස්තාපල්වරුන් වන (89479* ප‍්‍රසන්න, (69615* ජයසූරිය, (78521* ජයසිංහ නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
 
– හේමන්ත රන්දුණු, ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment