කෝටි 450 ක තැබෑරුම් පොල්ලක්

156

මත්පැන් හා රා නිෂ්පාදන ආයතන සහ ස්කාගාරවලින් හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි හාරසිය පනහකට අධික මුදලක් (රු.4,550,673.483) සුරාබදු දෙපාර්තමේන්තුවට අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

2021 වර්ෂයේ අවසාන දිනට මෙකී හිඟ බදු හා ප්‍රමාද ගාස්තු අයවීමට ඇත. මත්පැන් නිෂ්පාදන ආයතන වෙතින් අයවීමට ඇති හිඟ බදු හා ප්‍රමාද ගාස්තු මුදල රුපියල් හාරසිය පනස් තුන්කෝටි හැත්තෑතුන් ලක්‍ෂ හැටඑක්දහස් අසූහතකි. (4,537,361,087) රා නිෂ්පාදන ආයතන වෙතින් රුපියල් අටලක්‍ෂ පනස්හත්දහස් එකසිය අසූහයක (851,186) මුදලක් අයවීමට ඇත. ස්කාගාර වෙතින් අයවීමට ඇති මුදල එක්කෝටි විසිහතරලක්‍ෂ පනස්පන්දහස් දෙසිය දහයකි. (12,455,210) 2020 වර්ෂය සඳහා වූ හිඟ බදු ආදායම සැසඳීමේදී මෙය සියයට 14.63 ක වැඩිවීමක් බව විගණනය මගින් අනාවරණය කර ඇත.

එමෙන්ම 2021 වර්ෂයේ කොවිඩ් එන්නත්කරණය, සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, නිෂ්පාදන ආයතන වසා දැමීම හේතුවෙන් රුපියල් බිලියන 27 ක ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුවට අහිමිවී ගොස් තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment