කෝටි 7 1/2 ක කුඩු අළුබෝමුල්ලේ ගෙදරක: ඩුබායි පැන්න සලිඳුගේ බඩුලු!

307

මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු ලක්‍ෂිත නමැත්තාට අයත් බවට සැකකරන රුපියල් හත් කෝටි පනස් ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් පානදුර අළුබෝමුල්ල ප‍්‍රදේශයේ නිවසක ස`ගවා තිබියදී බණ්ඩාරගම පොලිසිය මගින් ඊයේ (21 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝ ග‍්‍රෑම් 7 ග‍්‍රෑම් 500 ක්වූ මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර අළුබෝමුල්ල ප‍්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක මෙම හෙරොයින් ස`ගවා තිබී ඇති අතර එම නිවස හෙරොයින් බෙදාහැරීම සඳහා යොදා ගන්නා අතරමැදි මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 30-35 වයස් සීමාවල පසුවන තරුණයන් වන අතර ඔවුන් දීර්ඝ කාලයක සිට සලිඳු ලක්‍ෂිත නමැත්තාගේ හෙරොයින් ජාවාරමේ ක‍්‍රියාකාරී සාමාජිකයන් ලෙස කටයුතු කර තිබේ.

සලිඳු ලක්‍ෂිත නමැති හෙරොයින් ජාවාරම්කරු ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී ඩුබායි රාජ්‍යයට පලා ගොස් තිබූ අතර මේ වනවිට ඔහු එහි සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව පොලිසිය පවසයි.

මීට මාස කීපයකට උඩදී සලිඳු ලක්‍ෂිත නමැති ජාවාරම්කරුට අයත් හෙරොයින් තොග අවස්ථා දෙකකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

25 හැවිරිදි වියේ පසුවන සලිඳු ලක්‍ෂිත නමැත්තා අවිවාහකයකු වන අතර මොහුට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළු තවත් අපරාධ චෝදනා රැසක් ඇති බව පොලිසිය පවසයි.

පානදුර අළුබෝමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතව තිබිණි.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, බණ්ඩාරගම – ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment