කෝටි 8ක කේරළ ගංජා මුහුදෙන් ගෙනත් 5දෙනෙක් මීගමුවේදී අත්අඩංගුවට

120

මුහුදු මාර්ග ඔස්සේ බහුදින යාත‍්‍රාවකින් මෙරටට රැගෙන පැමිණි රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 570 ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු මීගමුව මංකුලිය පාලම තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ඊයේ (13 වැනිදා) සමත් වූහ.

ඉන්දියාවේ රාමේෂ්වරන් සිට මුහුදු මාර්ගයෙන් මෙම සැකකරුවන් කලක් තිස්සේ මෙම කේරළ ගංජා ප‍්‍රවාහනය සිදුකර ඇතැයි හෙළි වූ බව එම බළකාය පවසයි.

යාත‍්‍රාව තුළ මෙම කේරළ ගංජා සූක්‍ෂම ලෙස සඟවා තිබියදී සොයාගත් බව ද එම බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ සියලූදෙනා මීගමුව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ත් 45 ත් අතර වයසේ පදිංචිකරුවෝ ය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ

ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මාරසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගි වූහ.

ප‍්‍රභාත් විතාන, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ විමල් කීර්ති – මීගමුව, ඇන්ටන් ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment