කෝඩුකාරයෝ තිදෙනෙක් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

569

ඇඹුල්දෙණිය ඉවතට ප්‍රවීන්ට කොවිඩ්

ඔස්ටේ්‍රලියාව සමගින් ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් 3ක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ඒ අනුව මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත මානසිංහ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

ටෙස්ට් සංචිතයේ සිටි ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සහ ලසිත් ඇඹුල්දෙණියට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙම වෙනස්කම් තුන සිදුකර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටී.

ගාල්ලේදී ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේදී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඇඹුල්දෙණියට නොහැකි වූ අතර එහිදී පන්දු වාරයකට 4.86ක වේගයකින් ඇඹුල්දෙණියට එරෙහිව ලකුණු ලබා ගැනීමට ඔස්ටේ්‍රලියානු පිතිකරුවෝ සමත් වූහ. එමෙන්ම නිමාවට පත් වූ බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදීද සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට ලසිත් ඇඹුල්දෙණියට නොහැකි වූ අතර එහිදී පන්දු වාර 47ක් ක්‍රියාත්මක කළ ඇඹුල්දෙණිය ලකුණු 104කට එක් කඩුල්ලක් පමණක් බිඳ දැමීමට සමත්විය. ඒ අනුව දක්ෂතා අතරට පැමිණීමට ලසිත් ඇඹුල්දෙණියට නොහැකිවීම මත ඔහු කණ්ඩායමෙන් නිදහස් කර තිබේ.

මේ අතර ටෙස්ට් සංචිතයේ සිටි ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පෙරේදා (04 වැනිදා) සඳහන් කර සිටියේය. ඒ අනුව මේ වනවිට ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමෙන් හුදෙකලා කර ඇති අතර ජයවික්‍රමට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ. ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට ද කොරෝනා අසාදනය වීම මත තරගය අතරතුරදී කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ අතර මේ වන විට මැතිව්ස් සුව අතට හැරී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (05 වැනිදා) නිවේදනය කර සි්ක්ෂිත මානසිංහ යන තිදෙනාම මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා නොමැත. ඒ අනුව ලබන 08 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී මෙම තිදෙනාටම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment