කෝන්ඇටයේ සැඟවුණු මාරයා නව හැවිරිදි දරුවා බිලිගනී  

555

කෝන්ගෙඩි කමින් සිටියදී කෝන්ඇටයක් සිරවී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (05) අලුයම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල සුදුවතුරආර පදිංචි ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය කනිෂ්ඨ විද්‍යාලයේ තුන වසරේ ඉගෙනුම ලබන ඩී.එම්. ලක්ෂිත මධුශාන් (09) නැමති ශිෂ්‍යයෙකි. මෙම දරුවා ඉකුත් 28 වැනිදා නිවස අසල පිහිටි කෝන්ගසකින් කෝන්ගෙඩි කඩා නිවසට ගෙනවිත් කමින් සිටියදී කෝන්ඇටයක් සිරවී ඇති අතර පසුව මොනරාගල රෝහලට ඇතුලත් කර ඇත. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා මෙලෙස මියගොස් ඇත. මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment