කෝප්‍රල්වරයෙක් පාරේ ඇදවැටී මියයයි

482


යුධ හමුදා බ්‍රිගේඩියර් වරයෙකුගේ රියදුරු රාජකාරි නියුතු කෝප්‍රල් වරයෙකු ඊයේ රාත්‍රි වාද්දුවල හබරලගහලන්ද ප්‍රදේශයේ මාර්ගයේ ඇද වැටී මියගොස් ඇත.
යුධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරන බ්‍රිගේඩියර් වරයෙකුගේ වාද්දුව ප්‍රදේශයේ නිවසේ රියදුරු රාජකාරි කරන ඇල්පිටිය ඇල්ල තනබද්දෙගම ප්‍රදේශයේ පදිංචිව සිටි රූපසිංහ ආරච්චිලාගේ ටෝනි ප්‍රියංකර පෙරේරා නමැති 46 හැවිරිදි කෝප්‍රල්වරයෙකු මෙසේ මියගොස් තිබේ.
මියගොස් ඇති පුද්ගලයාල එදින රාත්‍රී 10 ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසියේම ඇදවැටීමෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.මෙම කෝප්‍රල්වරයා ඊයේ දහවල් බූස්ටර් එන්නත ලබාගෙන ඇති බවට තහවුරු ඇතැයිද පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment