කෝප් – කෝපා කමිටුවලට මන්ත්‍රීවරු පත් වෙති

110

විපක්‍ෂය සභාපති ධුර ඉල්ලයි: කථානායක නිහඬයි

පොදු ව්‍යාපාර කාරක සභාවේ සහ රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා සහ කෝප්) යන කමිටුවල සභාපති ධුර විපක්ෂය වෙත ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.

එහෙත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකොට ඉදිරි කටයුතු සඳහා යොමු වූ අතර කථානායකවරයා විසින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබීය.

ඒ අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, කේ. කාදර් මස්තාන්, ආචාර්ය සුරේන් රාඝවන්, ඩයනා ගමගේ, එස්. බී. දිසානායක, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, ආචාර්ය සරත් වීරසේකර, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ. සී. අලවතුවල, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, ජයන්ත සමරවීර, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, වසන්ත යාපාබණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, ඩී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, මහාචාර්ය චරිත හේරත් මහතා සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් පත්කොට තිබේ.

ඊට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා, ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ඩී. වී. චානක, ශාන්ත බණ්ඩාර, අනුර දිසානායක, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, එස්. එම්. එම්. මුෂාරෆ්, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන්, රෝහිණි කුමාරි විජේරත්න, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් පත් කොට ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment