කෝප් ලොකු පුටුව වැඩි ඡන්දයෙන් මහාචාර්ය රංජිත්ට

211

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා තේරී පත් වී ඇත.

මෙම සභාපති ධුරය සඳහා රංජිත් බණ්ඩාර මහතා සහ සමගි ජන බලවේගයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා ද ඉදිරිපත් ව ඇති අතර එහිදී සිදු වූ ඡන්ද විමසීමේදී රංජිත් බණ්ඩාර මහතාට ඡන්ද 14ක් ලැබී තිබේ. එහිදී ඉරාන් වික්‍රමරත්න මහතාට ලැබුණේ ඡන්ද 07ක් පමණි.

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment