කෝප් සභාපතිකම ගත්ත හැටි හර්ෂ හෙළි කරයි

451

දැඩි සටනකින් පසුව නැවතත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතීත්වය තමාට හිමි වූ බව සමගි ජන බල පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කළ සෘජු ප්‍රශ්න කිරීම් සහ දැඩි මැදිහත්වීම් නිසා යළි ඒ තනතුරට මා පත්වීම වැලැක්වීමට සමහරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තා. කෙසේවෙතත්, විපක්ෂය වෙත මේ තනතුර හිමිකර ගැනීමට සමගි ජන බලවේගය දැඩි සටනක් ගෙනගිය අතර ඒ සඳහා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සෘජුවම මැදිහත් වුණා.අවසානයේ ජනාධිපතිවරයා විසින්ම ඒ තනතුර සඳහා යළි මගේ නම යෝජනා කළා. මා කෙරෙහි විශ්වාසය තැබූ සෑමදෙනාටම මා ස්තූතිවන්ත වන අතර ඉදිරියටත් රට වෙනුවෙන් සෘජුව සහ අවංකව මාගේ සේවය මෙම කාරක සභාවේදී ලබාදීමට මා කැප වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment