කෝප් සභාපති  මහාචාර්ය චරිත හේරත්

201

පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10දා) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත‍්‍රීවරුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ. අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා එය ස්ථීර කළේය.

මහාචාර්ය චරිත හේරත් මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදීද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේය. අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඞී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රවුෆ් හකීම්, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික‍්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, එස්.එම්. මරික්කාර්, පේ‍්‍රම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ‍සෙසු සාමාජික

මන්ත‍්‍රීවරු ලෙස කටයුතු කරති. පසුගිය සභාවාරයේ කොප් කමිටුවේ සාමාජිකත්වය දැරූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් කබ්රාල් මහතා වෙනුවට මෙවර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා සාමාජික මන්ත‍්‍රීවරයෙක් ලෙස පත්වී තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment