පසුගිය කෝප් කමිටු රැස්වීමේ දී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට වාරණය කිරීම තරයේ හෙළා දකින බවත් එසේ තොරතුරු ජනතාවට සහ මාධ්‍යයට වාරණය කිරීමට කෝප් කමිටුවට හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත් එම තොරතුර ජනතාවට සහ මාධ්‍යට දැන ගැනීමට අයිතියක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙරට විදුලි බල ක්ෂේත්රයට අදාළව විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට අනාවරණය නොකරන්නේ ජාතික ආරක්ෂාව නිසා බවත් එහි සංවේදී කාරණා ඇති බවටත් කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කරන ලද එකී ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් එම තොරතුරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එම තොරතුරු සැඟවීමෙන් අනාවරණය වන්නේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය පසුගිය කාලයේ බහුජාතික සමාගම් සමග රහස් ගිවිසුම් රැසක නිරතව ඇති බව යැයි ද කීවේය.
වර්තමානයේ රට පත්ව ඇති ව්‍යසනයෙන් මුදා ගැනීම උදෙසා වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කරමින් මේ පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා වූ මාර්ග සිතියම පිළිබඳව අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ඊයේ (24 දා) කොළඹ නව නගර ශාලාවේ දී පැවැති අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බැව් පැවසීය.