කෝප් 23 දා වැඩ අල්ලයි

98

එළඹෙන දිනවලදී රජයේ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප්) කැදවා ඇත.
පසුගිය සභාවාරයේ කැඳවීමට නියමිතව තිබූ එහෙත් කැඳවීමට නොහැකි වූ ආයතන ද මේ අතර වේ.
ඒ අනුව ලබන පෙබරවාරි 23 වැනිදා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ද පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය මාර්තු 10 වැනිදා ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මාර්තු 11 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ.

තවද මාර්තු 23 වැනිදා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ද මාර්තු 24 වැනිදා අපනයන සංවර්ධන මණ්ඩලය ද මාර්තු 25 වැනිදා මහජන බැංකුව ද කෝප් කමිටුවට කැදවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment