කෝපායිහිදී පොලිසියට පහර දුන් පිරිස  අල්ලන්න පරීක්‍ෂණ ඇරැඹෙයි

135

යාපනයේ කෝපායි යෝගපුරම් ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර එම නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය හා කෝපායි පොලිසිය එක්ව විශේෂ පරීක්ෂණයක් 30 වැනිදා ආරම්භ කර තිබේ.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වරෙන්තුකරුවකු සෙවීමට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී වරෙන්තුකරු සමග සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට පහර දී පලා ගොස් තිබේ.

ඒ අතරවාරයේ දී වරෙන්තුකරු ද පලා ගොස් තිබේ.

පොලිස් නිලධාරීන්ට පහර දුන් පිරිස ඒ අවස්ථාවේදී බීමත්ව සිටි බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔවුන් පිළිබඳව තොරතුරු ද මේ වන විට පොලිසියට ලැබී ඇති නිසා ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment