කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලිය – බොලිවියාව පැරදූ පැරගුවේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණට

151

කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලිය යටතේ පැරගුවේ සහ බොලිවියාව අතර ඊයේ (15 වැනිදා) පැවැති තරගයේදී ගෝල 3-1ක ජයක් වාර්තා කිරීමට පැරගුවේ කණ්ඩායම සමත්විය. එ් අනුව තරගාවලියේ ‘බී’ කොටසේ පෙරමුණ ගැනීමට පැරගුවේ කණ්ඩායමට ඊයේ හැකියාව ලැබිණි.
 
 තරගාවලියේ ‘බී’ කොටස යටතේ පැරගුවේ, ආජන්ටිනා, චිලී, උරුගුවේ සහ බොලිවියාව තරග වදිනු ලබයි. එ් අනුව උරුගුවේ මේ දක්වා කිසිදු තරගයක් කී‍්‍රඩා කර නොමැති අතර අජන්ටිනා සහ චිලී අතර තරගය ගෝල 1-1ක් ලෙස සමතැන් ගනිමින් නිමාවට පත්විය.
 
 පැරගුවේ ඊයේ පැවැති තරගය ගෝල 3කින් ජය ගැනීමත් සමගින් ප‍්‍රසාද ලකුණු 3ක්ද ඇතුළුව ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගෙන සිටියදී ‘එ්’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බ‍්‍රසීලය සමත්වී තිබේ. වෙනිසියුලාව සමගින් පෙරේදා (14 වැනිදා) පැවැති තරගය ගෝල 3-0කින් ජය ගැනීමත් සමගින් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බ‍්‍රසීලය සමත්වී තිබේ.
 
 තරගාවලියේ ‘එ්’ කාණ්ඩය යටතේ බ‍්‍රසීලය, කොළොම්බියාව, ඉක්වදෝරය, පේරු සහ වෙනිසියුලාව තරග වදිනු ලබයි. එහිදී කොළොම්බියාව පෙරේදා දිනයේදී ගෝල 1-0කින් ඉක්වදෝරය පරාජයට පත් කිරීමට සමත් වූ අතර එ් අනුව ඔවුන් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment