කෝමාරිකා වගාවකට මුවාවී අනුරාධපුර ඉඩම් කොල්ලය පිටුපස ඇමැති දෙදෙනෙක්

260

– පාහියංගල ආනන්ද සාගර හිමි

කෝමාරිකා වගාවකට බව කියමින් අනුරාධපුර අක්කර එක්ලක්‍ෂ විසිපන්දහසක ඉඩම් මංකොල්ලය සහ පාරිසරික විනාශය පිටුපස රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු සිටින බව සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘‘දිවයින’ට ඊයේ (29 දා* පැවසූහ.

ඉකුත් අගෝස්තු මාසයේදී මෙම ඉඩම් පවරා ගැනීමේ පත‍්‍රිකාවකට කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි කී උන්වහන්සේ ඒ පිළිබඳව සිය සංවිධානය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත් මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද කියා සිටියහ. පසුගියදා එම ප‍්‍රදේශයේ ඇමැතිවරයකු පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමින් එම ක‍්‍රියාව සාධාරණීකරණය කිරීමට දැඩි උත්සාහයක් ගත් බවඳ ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

සිය සංවිධානය විසින් හෙළි කළ මෙම වගා ඉඩම් මංකොල්ලයේදී ජනාධිපතිවරයාද නොම`ග යවා කටයුතු කර ඇති බවට සැකයක් පවතින නිසා ඉදිරියේදී ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පාහියංගල ආනන්ද සාගර හිමියෝ මෙසේද කීහ.

අක්කර එක්ලක්ෂ විසිපන්දහසක මෙම ඉඩම් මංකොල්ලය රජයේ ප‍්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු සම`ග එක්ව සිදු කරන පුද්ගලයා මීට වසර දහයකට පෙර රූපවාහිනී අලූත්වැඩියා කරන්නෙක්. පසුව ඔහු ඇමෙරිකාවට ගොස් යළි එන්නේ චොපර් බෙන්ස් සමග බිලියන ගණනක ඩොලර් මුදලූත් රැුගෙන. කෝමාරිකා වගාවට කියලා මෙසේ විනාශ කරන්නේ වන ඉඩම් රක්ෂිත වන අලි පෝෂක ප‍්‍රදේශ සහ ජල පෝෂක ප‍්‍රදේශ. අලි ගැටලූව උග‍්‍රවීමටත් හේතුව මේ වන විනාශයයි.

අක්කර එක්ලක්ෂ විසි පන්දහසක ඉඩම් ජනතාවගෙන් ලබා ගන්නා බවට ප‍්‍රසිද්ධ කළත් ජනතාවගෙන් අරගෙන තියෙන්නේ සියයට විසිපහයි. අනිත් සියල්ල රජයේ ඉඩම්. ඒ ඉඩම් කිසිවක් මැනලත් නැහැ. ප‍්‍රාදේශීය ලේකම්ට බල කරමින් තමයි පවරා ගැනීම් සිදු කරන්නේ. මෙය ඇමෙරිකානු මුදල් මෙරටට ගෙන්වා ගැනීමට සිදු කරන විශාල මගඩියක්. සී. අයි. ඞී. ගිහිනුත් වැඩක් නැති නිසා අපි ඉදිරියේදී මේ ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන්න පියවර ගන්නවා.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment