කෝර්ඩෙලියා මගී නෞකාවේ ජාත්‍යන්තර මංගල ගමන ශ්‍රී ලංකාවට

237

ඉන්දියාවේ මගී නෞකාවක් සිය ජාත්‍යන්තර මංගල ගමන ජූනි මස 7 වෙනිදා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට දියත් කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.

සංචාරකයන් පිරිසක් රැගෙන පැමිණෙන “කෝර්ඩෙලියා” ක්‍දරාැකස් නැමති මෙම මගී ප්‍රවාහන නෞකාව දැනට ඉන්දියාවේ අභ්‍යන්තර මුහුදු ගමන් සඳහා පමණක් භාවිත වන අතර සිය මංගල ගමන ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් දියත් කරවීමටද එම නැව් සමාගම බලාපොරොත්තු වෙයි.

මංගල ගමන සඳහා ජූනි මස 5 වෙනිදා චෙන්නායි වරායට පැමිණෙන මෙම නෞකාව ජූනි මස 7 වෙනිදා ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරන අතර එම ගමන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරම්භ කිරීමට යෝජිත මගී බෝට්ටු සේවාව නොවන බවද මෙම චාරිකාව සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ පියවරක් බවද “කෝර්ඩෙලියා” Cordelia නැමති නෞකාව අයත් සමාගම ප්‍රකාශ කරයි.

මංගල ගමන සාර්ථක වුවහොත් ඉදිරියේදී යුරෝපයේ සිට ඉන්දියාවට පැමිණ ඒ හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ව ප්‍රවාහනය කරවීමට තම සමාගම මෙවැනි චාරිකා සංවිධානය කරන බවද එම සමාගම ප්‍රකාශ කරයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment