කෝලි ටෙස්ට් නායකත්වයෙන් ද යයි

473

නායකයකු ලෙස ඉන්දියාවට වැඩිම ටෙස්ට් තරග ජයග‍්‍රහණ සංඛ්‍යාවක් ලබා දුන් ඉන්දීය ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ද ඉවත් වීමට තීරණය කර ඇත. දකුණු අප‍්‍රිකාව සමග පසුගියදා නිමාවූ තෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීමත් සමග කෝලි මෙම තීරණය ගෙන ඇත. පසුගිය වසරේදී සීමිත පන්දුවාර තරග නායකත්වයෙන් ද ඉවත් වූ විරාත් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියාව ටෙස්ට් තරග 40 ක් ජයග‍්‍රහණය කර ඇත.

 නායකයකු ලෙස කෝලිගේ මෙම දක්ෂතාව ඉක්මවා ඇත්තේ දකුණු අප‍්‍රිකාවේ හිටපු නායක ග‍්‍රැහැම් ස්මිත් සහ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනකු වන රිකී පොන්ටින් සහ ස්ටීව් වෝ පමණි. මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් පසුව 2014 වසරේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් කෝලි ඔස්ටේ‍්‍රලියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයගත් එකම ඉන්දීය නායකයා වන අතර කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියාව ටෙස්ට් අනුශූරතාව ද ජයග‍්‍රහණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment