කෝලී නායකත්වයෙන් ඉවත්වීමේ සූදානමක…

307

මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට විරාට් කෝලි තීරණය කර තිබේ. ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කෝලි මේ බව ප‍්‍රකාශ කර තිබේ.

විරාට් කෝලි අයි.පී.එල්. තරගාවලි 09කදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කර ඇති අතර එහිදී කෝලිගේ නායකත්වය යටතේ අයි.පී.එල්. තරග 132ක් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කී‍්‍රඩාකර තිබේ. එහිදී තරග 62ක් ජය ගැනීමට ඔවුන් සමත්වී ඇති අතර 2016 වසරේදී කෝලිගේ නායකත්වය යටතේ අයි.පී.එල්. අනුශූරතාවක් දිනා ගැනීමටද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩයම සමත්වී තිබේ. කෝලි එහිදී මුළු ලකුණු 4674ක් වාර්තා කිරීමට සමත්වී ඇති අතර අර්ධ ශතක 38ක් සහ ශතක 5ක් ඊට ඇතුළත්ව තිබේ.

මෙම තීරණය පහසු තීරණයක් නොවන බවත් එය කණ්ඩායමේ අවශ්‍යතා මත ගත් තීරණයක් බවත් තමන් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගන්නා තෙක්ම කණ්ඩායමේ රැඳී සිටින බවත් කෝලි සිය ඉවත් වීම ප‍්‍රකාශයට පත් කරමින් ඉන්දීය මාධ්‍යයට කියා තිබේ. මේ අතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉවත්වීමට විරාට් කෝලි තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment