කෝවිල තුළදී දැරියක කෙළෙසුවැයි සැක පූසාරි යළි රිමාන්ඞ්

1225

කෝවිල තුළදී වයස අවුරුදු 15ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගතකොට සිටි සැකකාර පූසාරි යළිත් මේ මස 23 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි ශසිකලා විජේතුංග මහත්මිය ඊයේ(16) නියම කළාය.

කුලියාපිටිය බෝහිංගමුව හින්දු කෝවිලේ පූසාරි ලෙස කටයුතු කළ රාමචන්ද‍්‍රන් ජයරාමන් නමැත්තෙකු එසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතවිය. මේ වනවිටත් ප‍්‍රදේශවාසීන් මේ සිදුවීම සම්බන්ධයෙන් කැළඹීමට පත්ව ඇති බවත් අලුතින් පෝස්ටර් පවා ප‍්‍රදර්ශනය කර තිබෙන බවත් පැමිණිල්ල වෙනුවෙන් කරුණු කී කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අතුල කරුණාපාල මහතා පැවසීය. එමෙන්ම කෝවිල වසා දමා තිබෙන පසුබිමක එහි අභ්‍යන්තරයේ ඇති ආරක්‍ෂිත කැමරා හා පරිශ‍්‍ර පිළිබ`ද විමර්ශන අපහසුව තිබූ බවත් පවසමින් ඇප ලබාදුනහොත් ප‍්‍රදේශවාසීන් කැළඹීමකට පත්වීමට ඇති ඉඩකඩ වැඩි බවත් පොලිසිය අධිකරණයේ අවධානය යොමුකළේය. ඉදිරිපත් වූ සියලූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරිපත්වූ ඇප අයැදුම ප‍්‍රතික්‍ෂේප කළ අතර අපක්‍ෂපාතී කඩිනම් පරීක්‍ෂණයක් සිදුකර වහා ප‍්‍රගතිය දන්වන්නැයි පොලිසියට නියම කළාය. කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අතුල කරුණාපාල, නඩු මෙහෙයුම් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රත්නායක, කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ධනන්ජනී බස්නායක, පොලිස් කොස්තාපල් සමරසේකර(11627* යන මහත්ම මහත්මීන් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ජානකී නවරත්න, කැලුම් හේට්ටිගමගේ, චම්පික ලසිත කුමාර යන මහත්ම මහත්මීන් සැකකාර පූසාරි වෙනුවෙන් පෙනී සිටියහ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment