ක‍්‍රිකට් තරුවල වියදම මිලියන 69 ක්… මිල අවම නිරෝධායන මධ්‍යස්ථානයකට යවයි

195

ඔවුනට එරටදී ව්‍යායාම සඳහා ඇවිදීමට නිශ්චිත ස්ථානයක් වෙන් කර නගර මධ්‍යයට යෑමට අවසර නොදී තිබියදී ක‍්‍රීඩකයන් තිදෙනකු මෙසේ හැසිරීම අනුමත කළ නොහැකි බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.
 
 මේ අතර එංගලන්ත ක‍්‍රිකට් තරග සංචාරය අතරතුර රාතී‍්‍ර වීථි සංචාරය කරමින් විනය විරෝධී ලෙස හැසුරුණු බවට චෝදනා ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලූ රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ (29දා* දහවල් නැවත මෙරටට පැමිණියහ.
 
 එම තිදෙනා ඊයේ දහවල් 01.15 ට පමණ එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 504 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
 ඔවුන් තිදෙනාට වෙනදා මෙන් ව්‍යාපාරික පංතිය වෙනුවට සාමාන්‍ය මගී පංතියේ ආසන ලබා දී තිබූ අතර වෙනත් විශේෂ පහසුකම් ද ලබා නොදී තිබීම විශේෂත්වයක් විය. ඊට අමතරව ඔවුන් මිල ගණන් අවම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත පිටත් කර හැර ඇත.
 
 මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තිදෙනා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව දින 14 ක අනිවාර්ය නිරෝධායන ක‍්‍රියාවලිය සඳහා යොමු කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත භාර කළ බව ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා ස`දහන් කළේය.
 
 මෙම කී‍්‍රඩකයන්ගේ හැසිරීම සහ කී‍්‍රඩා විලාසය සම්බන්ධයෙන් මෙරට සහ ජාත්‍යන්තර දැඩි විවේචන එල්ල වී තිබුණු අතර නිරෝධායන කටයුතු අවසන් වූ පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ඔවුන් සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතය.
 
 ඒ අනුව මෙම තිදෙනා සම්බන්ධයෙන් අරවින්ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් සහ රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන්ගෙන් සමන්විත කි‍්‍රකට් තාක්ෂණික කමිටුව මගින් ඉදිරි කටයුතු මෙහෙයවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment