ක‍්‍රිකට් තරු තුනක් එංගලන්තයේදී අයාලේ ගිහින් – ආපසු මෙහි එන්නැයි දැනුම් දෙයි

159

* කුසල් මෙන්ඩිස් උප නායකත්වයෙන් ඉවතට – තරග තහනමකුත් පැනවෙයි

කසුන් රණවීර

එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් එංගලන්ත ඩර්හැම්හි මාර්ගයක රැඳී සිටිමින් විනය විරෝධී ලෙස හැසිරුණු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් වන උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන තිදෙනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා කියා සිටී.

ක‍්‍රිකට් තරු තුනක් එංගලන්තයේදී අයාලේ ගිහින් - ආපසු මෙහි එන්නැයි දැනුම් දෙයි

මෙම කී‍්‍රඩකයන් තිදෙනා විසින් අදාළ ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් එංගලන්තයේ ඩර්හැම්හි මාර්ගයක රැඳී සිටීම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙම විමර්ශන ආරම්භ කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පියවර ගෙන ඇත.

මෙම කී‍්‍රඩකයන් අදාළ සංචාරයේ ඉතිරි තරගවලින් ඉවත් කර නැවත වහාම මෙරටට ගෙන්වා ගැනීමටත් විමර්ශන අවසන් වනතුරු තරග තහනමක් පැනවීමටත් පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් කි‍්‍රකට් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

ක‍්‍රිකට් තරු තුනක් එංගලන්තයේදී අයාලේ ගිහින් - ආපසු මෙහි එන්නැයි දැනුම් දෙයි

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර කි‍්‍රයාත්මක වූ තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියෙන් අන්ත පරාජයකට පත්වීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු විය. දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අද (29 වැනිදා) ආරම්භ වීමට නියමිතව ඇති හෙයින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පෙරේදා (27 වැනිදා* එංගලන්තයේ ඩර්හැම් ප‍්‍රාන්තය බලා පිටත්ව ගොස් තිබිණි.

එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අනෙකුත් කී‍්‍රඩකයන් ඩර්හැම්හි හෝටලයේ රැඳී සිටියදී කණ්ඩායමේ උපනායකයා ඇතුළු තවත් කී‍්‍රඩකයන් දෙදෙනකු එදින රාති‍්‍රයේදී ඩර්හැම් හී වීථි දිගේ ඇවිද යමින් විනය විරෝධී ලෙස හැසිරෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. අදාළ වීඩියෝ දර්ශනවල කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල පෙරේදා මධ්‍යම රාති‍්‍රයේ ඩර්හැම්හි වීථියක රැඳෙමින් දුම්වැටියක් බීමට උත්සාහ දරන අයුරු දැක්වෙන අතර, තවත් වීඩියෝවක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක රාති‍්‍ර සමාජ ශාලාවක සිට පැමිණ කමින් බොමින් නිදහසේ ඇවිද යන අයුරු දැක්වේ. මම සිද්ධිය එංගලන්තයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයකු විසින් එදිනම රාති‍්‍රයේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි. මෙම අවස්ථාවේදී ඔවුන් බීමතින් සිටි බවටද එම සමාජ මාධ්‍ය වාර්තා කර සිටී.

මෙම කී‍්‍රඩකයන්ගේ මෙම නොමනා කි‍්‍රයා කලාපය මේ වනවිට ජෛව ආරක්ෂිත බුබුලේ රැුඳී සිටින අනෙකුත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේද සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් අදාළ කී‍්‍රඩකයන් තිදෙනා නැවත ශී‍්‍ර ලංකාවට ගෙන්වීමටත් කණ්ඩායමේ කළමනාකරුගෙන් මේ පිළිබඳ වාර්තාවක් කැඳවීමටත් කි‍්‍රයා කළ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා කියා සිටී. එ් අනුව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම කී‍්‍රඩකයන් නැවත ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමටත් ඔවුන්ට තරග තහනමක් පැනවීමට තීරණය කළ බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ෂම්මි සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටී.

මෙම කරුණු හේතුවෙන් කුසල් මෙන්ඩිස් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපනායකත්වයෙන් ඉවත් කිරීමටත් ඉඩ ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචිමාර්ග සඳහන් කර සිටී. මීට අමතරව ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඩර්හැම්හි රැුඳී සිටි හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන විමසීමටත් තීරණය කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

පසුගියදා එළිදැක්වූ කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුවට අනුව ශී‍්‍ර ලංකාවේ වැඩිම වැටුපක් හිමිවන කී‍්‍රඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබිණි. දක්ෂතා අනුව වැටුප් ගෙවීමේ ක‍්‍රමවේදයට සකස් කෙරුණු එම කොන්ත‍්‍රාත්තුවට අනුව ලකුණු අතර නොසිටින කුසල් මෙන්ඩිස්ද එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment