ක‍්‍රිකට් තරු 3 තරු 5 න් තරු 3 ට වැටෙයි

392

විනය විරෝධීව හැසිරුණු බවට චෝදනා එල්ල වීම නිසා එංගලන්ත සංචාරය අතරතුර යළි ශ‍්‍රී ලංකාවට කැඳවූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල නිරෝධායනය සඳහා කොච්චිකඬේ තරු 3 හෝටලයකට යොමු කළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට්හි වගකිවයුතු නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (29දා) පැවැසීය.

සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමේ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් නිරෝධායනයට ලක්කරන්නේ තරු 5 හෝටල්වල බවත් එහෙත් මේ ක‍්‍රීඩකයන් තිදෙනාම තරු 3 හෝටලයකට යොමුකළ බවත් එම නිලධාරියා ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට්හි ඉහළ නිලධාරීන් පිරිසක් මෙම ක‍්‍රීඩකයන් සම්බන්ධව ගතයුතු තීන්දු තීරණ පිළිබඳව ඊයේ (29 වැනිදා) දිනයේදීත් සාකච්ඡුා කළ බවත් එම නිලධාරියා ප‍්‍රකාශ කළේය.

‘‘ඔවුන්ට දෙන දඬුවම පිළිබඳව තීරණය කරන්නේ විනය පරීක්‍ෂණයෙන් පසුවයි. ඔවුන්ගේ නිරෝධායන කාලය දවස් 14 ක් වෙනවා. ඊට පසුව විනය පරීක්‍ෂණය පවත්වනවා. මොනවා වුණත් ඔවුන්ට ලොකු දඬුවමක් දෙන්න ඕන. යම් කාලසීමාවකට කි‍්‍රකට් තහනම් කරන්න ඕනෑ. ඒ වගේම මුදල් දඩයක් නියම කරන්නත් ඉඩ තිබෙනවා. සමහරවිට එය මිලියන 05 ක් වුණත් වෙන්න පුළුවන්. ඒත් මේ කිසිවක් තවම ස්ථිර නැහැ. තීරණය කරලා නැහැ. හැබැයි දඬුවමක් නොදුන්නොත් ඔවුන් හැදෙන්නෙත් නැහැ. අනෙක් අය හැදෙන්නෙත් නැහැ යැයිද අදාළ නිලධාරියා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

අදාළ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් තිදෙනා ඊයේ (29 වැනිදා) දහවල් දිවයිනට පැමිණීමෙන් පසුව කෙළින්ම නිරෝධායනය සඳහා යොමුකර තිබිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment