ක‍්‍රීඩාව තුළින් ජාතීන් අතර සමගිය ගොඩනැඟිය හැකියි – කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

185

සෑම ක‍්‍රීඩාවක්ම සැමරීම හරහා සියලූ ජාතීන් අතර සමගිය ගොඩනැගිය හැකි බවත් ක‍්‍රීඩාව තුළින් ඇතිවන සබඳතාවයන් ඉතා වැදගත් බවත් කී‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී. තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමග එක්ව එළඹෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භයට දින ගණනය ආරම්භ කිරීම හා ඒ සඳහා ක‍්‍රීඩකයන් දිරිමත් කිරීම සඳහා පෙරේදා (05 වැනිදා) කොළඹ පෝර්ට්සිටි හිදී පැවති වැඩසටහනකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එළඹෙන ඞඞෂඪ ශීත ඍතු ඔලිම්පික් ක‍්‍රීඩා සැණකෙළිය 2022 වසරේ පෙබරවාරි 4 වන දින බීජිං හිදී ආරම්භවීමට නියමිතය. එ් අනුව 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය උත්සවාකාරයෙන් දිගහැරෙන අයුරු නැරඹීම සඳහා ජනතා සහභාගිත්වයෙන් යුත් සජීවී විකාශන වැඩසටහනක් පෙබරවාරි 4 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතය. මෙම සමාරම්භක උළෙල, ශ‍්‍රී ලංකාව සහ චීන සමූහාණ්ඩුව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ සන්ධිස්ථානයක් වන අතර එය ඉදිරියේදී දෙරට අතර සහයෝගිතාව වර්ධනය වීම සඳහා හේතු වනු ඇත.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ ද කීය

‘ශ‍්‍රී ලංකාව ශීත ඍතුව හෝ හිම නොමැති උෂ්ණ කලාපීය රටක් වුවද, සෑම ක‍්‍රීඩාවක්ම සැමරීම හරහා සියලූ ජාතීන් අතර සමගිය ගොඩනැ`ගිය හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. ක‍්‍රීඩාවේ සැමරුම් සඳහා ගිම්හාන ඔලිම්පික් හෝ ශීත ඔලිම්පික් ද යන්න වැදගත් වෙන්නෙ නැහැ. ඒ වගේම පැරාලිම්පික් ද යන වගත් මෙහිදී විශේෂ නැහැ. ඒ සඳහා කැපවීමයි වැදගත්.

අපි හැමෝටම ක‍්‍රීඩාව තුළින් ඇතිවන සබඳතාවයන් ඉතා වැදගත්. ජාතියක් වශයෙන් අපි, දීර්ඝ ඉතිහාසයක් ඇති ක‍්‍රීඩා සංස්කෘතියක් තිබෙන රටක්. චීනය හා ශ‍්‍රී ලංකාව වඩාත් මිත‍්‍රශීලීව දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරනවා. මෙම ඔලිම්පික් දින ගණනය කිරීම තුළින් ජාතීන් අතර වඩාත් හොඳ ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟීමට හැකි බව අපි විශ්වාස කරනවා.

ක‍්‍රීඩාවේ දක්ෂතාවයන් සඳහා කිසිම බාධාවක් නොමැති බව අපි විශ්වාස කරනවා. අපි පැරාලිම්පික් පදක්කම් 02ක් මෙවර දිනුවා. එකක් පැරාලිම්පික් ඉතිහාසයේ අපි ලබාගත් ප‍්‍රථම රන් පදක්කම. භාෂාව, කුලය, ආගම මේ කිසිවක් ක‍්‍රීඩාවට අදාළ නැහැ. හැකියාව, නොහැකියාව මේ හැම එකම ක‍්‍රීඩාව තුළින් එක්තැන් වෙනවා. ක‍්‍රීඩාව කිසිවිටක දේශපාලනික වශයෙන් වෙනස් වෙන්නෙ නැහැ. දැනට විදේශගතව සිටින ශ‍්‍රී ලාංකිකයන්ට මෙවර බීජිං නුවර පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ලෙස ආරාධනා කරනවා’ යැයි අමාත්‍යවරයා පැවසීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment