ඛනිජ තෙල් තොග ගබඩාව සිමෙන් සංස්ථාවට කෝටි 168 ක් පොලු තියලා

292

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි දෙකක් සහ නළ පද්ධතියක් භාවිතා කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වසර දහයක් තිස්සේ රුපිල් කෝටි 168 ක බදු කුලී මුදල් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි 02 ක් හා නළ පද්ධතිය ලිඛිත ගිවිසුමකට එළැඹීමකින් තොරව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වෙත 2010 වසරේදී ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රුපියල් කෝටි 168 ක මුදලක් සිමෙන්ති සංස්ථාවට ගෙවිය යුතු බවට තක්සේරුකොට තිබිණි. බදු කුලී අය කර ගැනීම සඳහා 2020 ජනවාරි 24 හා ජුනි 30 දිනැති ලිපි මගින් බලශක්ති අමාත්‍යාංශය දැනුවත් කළ ද මේ දක්වා එම මුදල් අයවී නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙකී මුදල ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදුකරගෙන යන බව සිමෙන්ති සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට දැනුම් දී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment