ඛනිජ තෙල් නිෂ්පාදන පනතේ තීන්දුව කථානායකට

107


ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ට එරෙහි පෙත්සම් විභාගය අද අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර ඇත.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ,ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගය මෙලෙස අවසන් කර තිබේ.

මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම් විභාගය පැවැත් වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment