ඛනිජ තෙල් සංස්ථාව වනසන දූෂිත මාෆියාවට තිත තබන්නේ කවදාද?

259

නීතිඥ උදය ප‍්‍රභාත් ගම්මන්පිල. ඔහු සියලූ ජනමාධ්‍ය සමඟ සහෝදරත්වයෙන් කටයුතු කරන අපේද හිතවතෙකි. වර්තමානයේ මේ රටේ බලශක්ති ඇමැතිවරයා වන්නේද ඔහුය.

එකී ඇමැති ධුරයට අනුව අද වන විට ලංකා විදුලි බලමණ්ඩලය පරිදිම රටට විශාල ඇණයක් වී තිබෙන ලංකා ඛනිජ තෙල් සංස්ථාව භාර වී තිබෙන්නේ ද උදය ගම්මන්පිල ඇමැතිවරයාටය.

අප මෙහිදී විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවද රටට ඇණයක් වී තිබෙන බව කියන්නේ කුමක් නිසාද? එක් අතකට බලන කල මේ ආයතන දෙක හරියට දෙසොහොයුරන් වැනිය. ඒවායෙන් සැපයෙන සේවයේ ඇති සමීප බව එසේ වීමට එක් හේතුවකි.

එසේම මේ ආයතන දෙකම චිරාත් කාලයක සිට ලබන්නේ පාඩු පිට පාඩුය. විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් ගත් කල තවත් කැපී පෙනෙන සමීප බවක් ඇති කරන්නේ ඒවායෙහි අරක්ගෙන සිටින කම්බ හොරු රැළය.

ඔවුහු මේ ආයතන දෙකම ඇති තරම් සූරා කන්නාහ. වංචාව, දූෂණය සහ නාස්තිය යනු මෙකී ආයතන දෙක තුළ උපරිමය දක්වා ගමන් කර තිබෙන්නකි. කුඩු මුදලාලිලාගේ වත්කම් පිළිබඳා සොයන්නාක් මෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය යොදවා දැනට මේවායෙහි සේවය කරන සහ විශ‍්‍රාමික උසස් නිලධාරීන්ගේ වත්කම් පිළිබඳා විමර්ශනයක් කළහොත් ඔවුන් අතරින් අති බහුතරයකට සිදුවන්නේ බන්ධනාගාරගත වන්නටය. කතාව ඒ තරමටම දුරදිග ගිය එකකි.

කුඩු මුදලාලිලා සතුව තිබෙන පරිදිම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වත්කම් ඕනෑතරම් මොවුන් සන්තකයේ ද ඇත. ඒ සියල්ල මේ රටේ ජනතාවගේ මුදලින් සිදු කළ ගසාකෑම්ය. එහෙත් එවැනි විමර්ශනයක් මේ රට තුළ සිදුවෙතැයි සිතීමද විහිළුවකි.

එනිසා අප මේ සැරසෙන්නේ ජනතා මුදල් ගසාකමින් නූපන් පරම්පරාවන්ටද හරිහම්බ කරන එකී අලජ්ජී මිනිසුන්ගේ පැටිකිරිය රට ඉදිරියේ තබන්නටය.

උදය ගම්මන්පිල මහතා බලශක්ති ඇමැතිවරයා වීම නිසාම දැනට වසරක පමණ කාලයේ සිට වරින් වර රටේ ජනතාව අතර දැඩි ලෙස කතාබහට ලක්වූ චරිතයකි.

ඔහු එසේ පළමුව රටේ මාතෘකාවක් වූයේ ඉකුත් කාලයේ රජය ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදීය. එකී ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් නම් කීවේ උදය ගම්මන්පිල ඇමැතිවරයා වහාම ඇමැති ධුරයෙන් ඉවත් විය යුතුයි කියාය.

එහෙත් සාගර කාරියවසම් මහතා කළ ඒ කතාව දිගින් දිගට ඇදී යද්දී රටට පැහැදිලි වූයේ පෙර දින නිදිවරා දිගු නින්දක පසුවූ හෙතෙම එක්වරම නින්දෙන් ඇහැරී එවන් ප‍්‍රකාශයක් කරන්නට ඇතැයි යන්නය.

කෙසේ වෙතත් මෙම සිද්ධියේදී උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්ද ඉදිරිපත් වූ අතර එය ජයගන්නට සමත්වීම නිසා ඔහුට තවදුරටත් බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවිය. මෙහිදී සිදුවූ එකම දෙය වූයේ එකී දෝෂාභියෝග නාටකය හමුවේ ඉන්ධන මිල ඉහළ ගිය බව ජනතාවට අමතක වී යෑමය.

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා මෑතකදී යළිත් වරක් රට පුරා කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ මීට මාසයකට පමණ ඉහතදී හිටි හැටියේම ලෝක වෙළෙඳා පොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බැවින් පවතින මිලට ඉන්ධන ලබාදීමෙන් ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ යැයි ප‍්‍රකාශයක් කිරීමත් සමඟය.

එහිදී ඇමැතිවරයාගේ මතය වූයේ මහා භාණ්ඩාගාරයෙන් සහනයක් නොලැබෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කරන්නට වනු ඇතැයි යන්නය. ඇමැතිවරයා එසේ කියද්දී ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයාද ඒ බව සනාථ කරමින් ඉන්ධන මිල හමුවේ සංස්ථාව මුහුණ දී ඇති අර්බුදය පිළිබඳාව අදහස් දැක්වූයේ ගණන්හිලව්ද සහිතවය. ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා යනු කවරෙක්ද? හේ නමින් නීතිඥ සුමිත් විජේසිංහ මහතාය. වෙනත් ආකාරයකට කිවහොත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හෙවත් නෙළුම් මාවතේ පොහොට්ටුවේ වෘත්තීය සමිතියේ හිටපු ලේකම්වරයාය.

වත්මන් රජය බලයට පත්වන විට පොහාට්ටු වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ගාමිණී ලොකුගේ ඇමැතිවරයාය. සුමිත් විජේසිංහ මහතා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධුරයට පත්වන්නේ එකී දේශපාලන කි‍්‍රයාකාරීත්වය අනුවය.

ඉන්ධන මිල සම්බන්ධයෙන් ඒ අන්දමට ඇමැතිවරයා සහ සභාපතිවරයා රටට කරුණු කියද්දී රටේ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි ප‍්‍රචාරයක් දියත් වීම හේතුවෙන් මීට සති කිහිපයකට ඉහතදී අවස්ථා තුනකදී පමණ ඉන්ධන ලබා ගැනීම සඳාහා පෙට‍්‍රල් ෂෙඞ් ඉදිරිපිට පෝලිම්වල දුක් වි`දින්නටද රටේ ජනතාවට සිදුවිය.

මේ ආකාරයට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා යළිත් වරක් රටේ මාතෘකාවක් බවට පත්වූ තවත් අවස්ථාවක් වූයේ ඉකුත් දිනවල සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කරන බවට ප‍්‍රකාශ කිරීමත් සමඟිනි. එහිදී ඇමැතිවරයා සඳාහන් කරනු ලැබුවේ රට තුුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරීම කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති නිසා ඩොලර් සංචිත රැක ගැනීමේ පියවරක් ලෙස සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමෙන බවකි.

එසේ වසා දැමුණු සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් සතියේදී ඇමැතිවරයාගේම ප‍්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් යළි ආරම්භ කිරීමද සිදුවිය. කෙසේ වෙතත් මේ ආකාරයට සෑම අවස්ථාවකදීම රට ඉදිරියේ සඳාහන් කෙරුණේ අද දවසේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයන්ය. එහෙත් මෙහිදී අපට මතුවන ප‍්‍රශ්නය වී තිබෙන්නේ එලෙස සංස්ථාව අර්බුදයට පත්වීමේ එකම හේතුව ලෝක වෙළෙඳාපොළේ ඉන්ධන මිල ඉහළ යෑම පමණක්මද යන්නය.

එවන් ප‍්‍රශ්නයක් අපට මතුවන්නේ අද සංස්ථාව අභ්‍යන්තරයේ ඇති බොහෝ කරුණු කාරණා පිළිබඳා කල්පනා කිරීමේදීය. දැන් අප මේ සැරසෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව ඇතුළේ බොහෝ දේ සිදු වෙද්දී ඒ සියල්ල පසෙක තබා ලෝක වෙළෙඳා පොලේ තෙල් මිල ගැන කතා කරන ඇමැතිවරයාට සහ සභාපතිවරයාට මෙන්ම රටටම දැනගන්නට ඒ ඇතුළේ කතා ටික එකින් එක එළියට දාන්නටය.

එය සපුගස්කන්ද පිරිපහදුවෙන්ම ආරම්භ කිරීම ඉතා සුදුසු යැයි මේ මොහොතේ අපේ හැ`ගීම වී ඇත. ඇමැති උදය ගම්මන්පිල මහතා කී පරිදි වසා දැමුණු සපුගස්කන්ද පිරිපහදුව දින විසිදෙකකදී යළි ආරම්භ කෙරිණි. පිරිපහදුව එලෙස වසා දැමීම අසාමාන්‍ය තත්ත්වයක් ලෙස ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ඇතුළු බොහෝ පාර්ශ්ව පෙන්වා දුන්නද මෙහිදී අප දන්නා සාමාන්‍ය තත්ත්වයක්ද ඇත.

එකී සාමාන්‍ය තත්ත්වය වන්නේ සෑම වර්ෂ දෙකකට වතාවක්ම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳාහා දින හතළිස් පහක පමණ කාලයකට සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීමය.

ඛනිජ තෙල් සංස්ථාව වනසන දූෂිත මාෆියාවට තිත තබන්නේ කවදාද?

සංස්ථා ඉංජිනේරුවන් දෙවසරක් පුරා සකස් කරනු ලබන සැලසුමකට අනුව එය සිදු කෙරෙනුයේද පිරිපහදුවේ අත්‍යවශ්‍ය වන පූර්ණ නඩත්තු කටයුතු සඳාහාය.

මෙම නඩත්තු කටයුතුවලදී සංස්ථා සේවකයන්ම පවසන පරිදි 2018 – 19 වසරේදී සංස්ථාවට වැය වන්නේ් රුපියල් මිලියන 400 – 500 අතර මුදලකි. එකී අලූත්වැඩියාවෙන් පසු 2021 වසරේ මාර්තු මාසයේදීද ඒ අකාරයට සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීමක් සිදු විය. යළිත් නඩත්තු කටයුතු සිදු කෙරිණි.

එහෙත් එහිදී වැය වූ මුදල රුපියල් මිලිනය 1200 ක් දක්වා අති දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇත්තේ අහස පොළොව නුහලන පරිදිය. එලෙස වූයේ කුමක් නිසාද?

ඛනිජ තෙල් සංස්ථාව අර්බුදයකට ගොදුරු වී ඇති බව කියන බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ පිළිබඳාව සොයා බැලීමක් සිදුකළේද? එසේ නොකළේ නම් අප ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ හිටපු පොහොට්ටු වෘත්තීය සමිති ලේකම් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ සමඟම එක්ව එහිදී සිදුවූයේ කුමක්දැයි වහා සොයා බලන ලෙසය.

මෙවන් දේ පිළිබඳාව නිවැරදි සොයා බැලීමක් සිදුවන්නේ නම් ඇතැම්විට සංස්ථා අර්බුදයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන තුරු බලා සිටීමටද සිදු නොවනු ඇත.

මේ සාමාන්‍ය නඩත්තු කටයුත්තේදී වෙනදා නැති අසාමාන්‍ය කොන්ත‍්‍රාත්කරුවන් රැසක් ඒයට දායක වී ඇත. කතාව කෙටියෙන් කිවහොත් ඒ දිනවල සපුගස්කන්ද පරිශ‍්‍රයේ ආපනා ශාලා හරතක් පමණ කි‍්‍රයාත්මක වී ඇත.

මෙසේ අසාමාන්‍ය ලෙස සංස්ථා මුදල් වැයවන පරිදි කොන්ත‍්‍රාත්කරුවන්ට කොන්ත‍්‍රාත් ලබා දුන්නේ කවුද? මුලින්ද සඳාහන් කළ පරිදි සභාපතිවරයාද සමඟ එක්ව ඇමැතිවරයා මෙවන් දේ ගැන සොයා බලන්නේ නම් ඉන්ධන මිලි ඉහළ දමා හෙම්බත් වී සිටින රටේ මිනිසුන්ගේ ගෙල තවත් සිර කිරීමටද අවශ්‍ය නොවනු ඇත.

යහපාලන සමයේ ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවූ රුපියල් බිලියන ගණනක වංචා සහ දූෂණ පිළිබඳා සංස්ථා සේවකයන් ලිඛිතව ඇමැතිවයාට කරුණු පෙන්වා දී දැන් සෑහෙන කාලයක් ගතවී ඇත.

එහිදී අදාළ සාක්‍ෂි සහිත වාර්තාද ඇමැතිවරයාට ඉදිරිපත් කරන්නට කටයුතු කෙරී ඇත එහෙත් අදටත් දූෂිතයෝ යෙහෙන් වැජඹෙන්නාහ. රුපියල් මිලිනය තුන්සියයකට අධික වටිනාකමින් යුතු තාර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එක්තරා සාමාන්‍යාධිකාරිවරයකු විශ‍්‍රම යෑමෙන් පසුවද කොන්ත‍්‍රාත් පදනමින් දැනුදු සංස්ථාවේ සේවය කරන්නේය.

සංස්ථා සේවකයන් ලිඛිතව ඒ සියල්ල පෙන්වා දී තිබියදීත් එවැනි හතරබීරි වැඩ සිදුව ඇත්තේ කෙසේදැයි සොයා බැලීමට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා මේ දක්වා කටයුතු කර තිබේද?

මෙකී තාර වංචාවේ කතාව මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දක්වාම ගොස් තිබෙන්නකි. එහිදී සිදුකරන විමර්ශනවලට අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් අලජ්ජී දූෂිතයන් රැකගනු පිණිස ව්‍යාජ අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ සිද්ධියක්ද වාර්තා වන්නේය.

එකී ව්‍යාජ අධ්‍යක්‍ෂ මණ්ඩල වාර්තා සකස් කර ඇත්තේ ඉකුත් යහපාලන රජය සමයේ තාවකාලික පදනමින් සංස්ථාවේ සේවයට පැමිණ අද වන විට එක්තරා උසස්ම නිලධාරියකුගේ වුමනාවට සංස්ථාවේ ස්ථිර සේවයට බඳාවා ගනු ලැබූ සුරූපී නිලධාරිනියක බවද සංස්ථා සේවකයෝ පවසති.

ඛනිජ තෙල් සංස්ථාවේ විනය බලධරයා වන්නේ සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතාය. අවම තරමේ විනය බලධාරියා වන සභාපතිවරයාවත් මේ පිළිබඳාව සොයා බැලීමක් සිදුකර තිබේද?

දැන ගැනීමට ඇති පරිදි නම් එවැන්නක් සිදුව නැත. සිදුවෙමින් තිබෙන්නේ කෝටි ප‍්‍රකෝටි ගණනින් හොරකම් කර සංස්ථාව වළපල්ලට යැවූ දූෂිතයන් වංචනිකයන් තව තවත් යෙහෙන් වැජඹීමය. එසේ වන අතරේ සියල්ල සූරා කමින් හොරකම් කිරීමය.

හොරු සංස්ථාව තුළ බල්ටි ගසද්දී විනය බලධරයා වූ සභාපතිවරයා නිහඬවම සිටින්නේය. ඒක මාර ප‍්‍රශ්නයක් යැයි අද අපට කියන්නේ මේවා දෙස විමසීමෙන් බලාගෙන සිටින අය ය.

මීට දින කිහිපයකට පෙර සංස්ථා ලොක්කෙක් සම්මන්ත‍්‍රණයකට සහභාගි වීම සඳාහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් ලබා ගනිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ඇමරිකාවේ සංචාරයකට යෑමද අර්බුදයක් මැද ඇති ඛනිජ තෙල් සංස්ථාවෙන් ඊයේපෙරේදා ඇසුණු තවත් කතාවකි.

සංස්ථා සේවකයන්ම හෙළි කරන පරිදි ඔහු එසේ ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත්තේද ඛනිජ තෙල් පිළිබඳා නිල නොවන මට්ටමේ සම්මන්ත‍්‍රණයක් සඳාහාය. එහිදී ඇමරිකාවේ ඇති තරුපහේ හෝටලයක් සිය නවාතැන් සඳාහා වෙන්කරවා ගැනීමටද හෙතෙම කටයුතු කර ඇත.

මෙවන් දේ සිදුවන්නේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සහ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ඛනිජ තෙල් සංස්ථාව අර්බුදයක බැවින් ඉන්ධන මිල ඉහළ දැමිය යුතුව ඇතැයි රටට යෝජනා කරද්දීය.

අප දැනට මේ පෙන්වාදීම සිදු කරනුයේ ඇමැති උදය ගම්මන්පිල මහතාටත් සභාපති සුමිත් විජේසිංහ මහතාටත් කළ යුත්තේ කුමක්දැයි අවබෝධ කරගනු පිණිසය. එසේම ඉහත කී සිදුවීම්වලට වගකිව යුතු ඛනිජ තෙල් සංස්ථාව අනුභව කරන දූෂිතයන්ගේ කන ළඟින් යන්නටය.

තවදුරටත් මේ අසමජ්ජාති මාෆියාවෙන් ඛනිජ තෙල් සංස්ථාව බේරා ගන්නට කටයුතු සිදු නොවුණ හොත් හිතවත්කම් අරක මේක පසෙක තබා කාගෙ කාගෙත් කනේ වදින්නටම සියල්ල කියන්නට අප සූදානම්ය. ඒ සඳාහා අවශ්‍ය සාක්‍ෂි සාධක ඕනෑ තරම් ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අරමුණ වන්නේ දූෂණයෙන් සොරකමෙන් තොර යහපත් රටක් ගොඩනැගීමය. සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේද ඒ බව සඳාහන්ව ඇත.

ඛනිජ තෙල් සංස්ථාව අරබයා කතා කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ රජයේ එකී අරමුණ වෙනුවෙන් පෙනී සිටීම ඇමැති නීතිඥ උදය ගම්මන්පිල සහ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ යන දෙදෙනාගේම ඉලක්කය විය යුතුය.

එසේ නොවුණහොත් පිරිහෙන්නේ ආණ්ඩුවය. ප‍්‍රහාරය එල්ල වන්නේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මටය. ඛනිජ තෙල් සංස්ථාවට පාඩුයි සල්ලි නැහැ කීමට පෙර එහි සිටින මෙම දූෂිතයන් පන්නා දමා තෙල් සංස්ථාව බේරා ගැනීමට නිතර රට ගැන කතා කරන බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිලටත් නොහැකි වනු ඇතිද?

මේ කතාව මතු සම්බන්ධයි කියන්නට පෙර දැනට සඳාහන් කරන්නට තිබෙන්නේ අපේ ප‍්‍රශ්නය එය වී තිබෙන බවය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment