ගංගාගෙන් පිහිනුම්  තටාකයේදී දස්කම් – පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

504

බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (01 වෙනිදා) පැවති කාන්තා මීටර් 200 පසුපස ආර පිහිනුම් ඉසව්වේ මූලික වට දෙකේ දක්වන ලද දක්ෂතා මත සමස්ත ප්‍රතිඵල අනුව 10 වෙනි ස්ථානයට පත්වීමට ගංගා සෙනෙවිරත්න සමත් වූවාය.

ගංගාගෙන් පිහිනුම්  තටාකයේදී දස්කම් - පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

මූලික වටයේ දෙවෙනි තරගයේදී ඇය 6 වෙනි ස්ථානයට පත් වූ අතර එහිදී ඇය විනාඩි 2 යි, 26.63ක කාලයක් වාර්තා කළාය.

ගංගාගෙන් පිහිනුම්  තටාකයේදී දස්කම් - පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල


එම දකෂතාවය අවසන් වටයේ අතිරේක ක්‍රීඩිකාවන් අතර ස්ථානයක් දිනා ගැනීමට ද ඇය සමත් වූවාය.

 මේ අතර පෙරේදා පැවැති තරගවලදී සුවිශේෂී තරග නිමාවක් වාර්තා කිරීමට බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් සමත් වූ අතර කිලෝග්‍රෑම් 67 බර පංතියෙන් 5 වෙනි ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වූයේය.

 මේ අතර පිරිමි බර ඉසිලීමේ කිලෝග්‍රෑම් 61 බර පංතියෙන් තරග පිටියට පිවිසි තිලංක පලඟසිංහ තරගය අවසන් නොකරමින් පිටියෙන් ඉවත් වූ අතර කිලෝග්‍රෑම් 73 බර පංතියෙන් තරග කළ ඉන්දික දිසානායකට ද ඉදිරියට යෑමට නොහැකි වූයේය.

 ස්කොෂ් ක්‍රීඩාවෙන් පලඟ වටයේ අවසන් 16 දෙනාගේ තරගයට ක්‍රීඩා කළ චනිත්මා සිනාලි 3-0ක් ලෙස බොට්ස්වානා ක්‍රීඩිකාව පරාජය කරමින් පලඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වූවාය.

 වට තුනකින් සමන්විත වූ එම තරගය 11-5ක්, 11-1ක් සහ 11-5ක් ලෙස අවසන් කරන්නට චනිත්මා සමත් විණි.

 අකලංක පීරිස් පිරිමි මීටර් 50 සමනළ ආර ඉසව්වට පෙරේදා සහභාගි වූ අතර එහි දී තත්පර 24.89කින් තරගය අවසන් කළ ඔහුට 22 වැනි ස්ථානය හිමි විය. අනතුරුව පිරිමි මීටර් 50 පසුපස ආර මූලික වටයට සහභාගි වූ අකංලක එම ඉසව්ව නිමා කිරීමට ගත් කාලය තත්පර 26.15ක් වූ අතර එම දක්ෂතාවය නව ජාතික වාර්තාවක් ලෙස වාර්තා පොත් අතරට එකතු විය.

 බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අවසන් පූර්ව වටය නියෝජනය කළ ශ්‍රී ලංකාව මැලේසියාව සමඟ පැවති තරගය 3-0ක් ලෙස පරාජයට පත් විය.

 ඔවුන් සහභාගි වූ මිශ්‍ර යුගළ ඉසව්ව, පිරිමි කේවල ඉසව්ව සහ කාන්තා කේවල ඉසව්ව පරාජය වීම හේතුවෙන් සහභාගි වීමට නියමිතව තිබූ අනෙකුත් ඉසව් වූ පිරිමි සහ කාන්තා යුගළ ඉසව්වලට සහභාගි වීමට නොහැකි විය.

 වෙරළ වොලිබෝල් ඉසව්වේ පිරිමි මූලික වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කැනඩාව ඉදිරියේ තරග වට 2-0ක පරාජයක් ලැබූ අතර එම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලින්ත යාපා සහ අෂේන් රශ්මික සහභාගි වූ අතර ඔවුන්ට ප්‍රතිවාදීන් හමුවේ ලබාගත හැකි වූයේ 21-13ක් සහ 21-12ක් ලෙසයි.

 මේ අතර එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ජය වාර්තා කළ ඔස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට වරම් ලබා ගත්තේය.

 බාර්බඩෝස් කණ්ඩායම සමග පෙරේදා පැවැති තරගයෙන් ඔව්හු කඩුලු 9ක ජයක් වාර්තා කළහ. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බාර්බඩෝස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 64 පන්දු වාර 8.1 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment