ගංගා කිහිපයක් පිටාර මට්ටමේ

319

අත්තනගලු ඔය, කැලණි, නිල්වලා, කළු, ගිං යන ගංඟා වල මේවන විට ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එහි වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය අනුව කිසිදු ප්‍රධාන ගංඟාවක් ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ අවදානමක් නොමැති බවය.දිවයිනපුරා පවතින සියලුම ප්‍රධාන වාරි ජලාශ මේ වනවිට සියයට 67 ධාරිතාවකින් පිරී පවතින බවඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේය.මේ අතර පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත්කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දිර්ඝ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment