ගංජා ගැන කීවේ හරි සිහියෙන් ද සැකයි – ඩිලාන් පෙරේරා

180

මෙවර අයවැයේ ගංජා ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේ පියවි සිහියකින්දැයි සැක සිතෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

අයවැය ඉදිරිපත් කළ ජනාධිපතිවරයාට ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් උදාවී ඇති බව පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා හරි දේ කරන්න ගියත් නහින්න වෙන තත්ත්වයක් ද හොරුන්ටික කරේ තියාගෙන පාරේ ගියත් නහින්න වෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද කියා සිටියේය.

තමාගේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අයවැය ඉදිරිපත් කරන විට මේසයට තට්ටු දමමින් ප්‍රසාදය පළ කරනු දක්නට ලැබුණත් මෙවර එවැනි තත්ත්වයක් නොදුටු බවද ඒ මහතා කීය. මෙවර අයවැයේ තමා දුටු සුවිශේෂම දෙයනම් ඩයනා මැතිණියගේ ගංජා සංකල්පය රනිල් රාජපක්‍ෂ මහතා කරේ තබාගෙන යෑම බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment