අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනපති මැඳුරේ ගංජා සුරුට්ටුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (14 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති මන්දිරය තුළ පෙරේදා උදෑසන විශේෂ කාර්ය බළකාය සිදුකළ සංචාරයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගෙන විරෝධතාකරුවන්ගේ අරගලයට පැමිණි මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකාය, කොටුව ජනාධිපති මන්දිරය කඳවුරේ රාජකාරි යෙදී සිටින පොලිස් පරීක්ෂක ඩබ්. එස්. එල්. ආර්. කරුණාතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ප්‍රභාත් විතාන