ගංවතුර නිසා පාචනය, අතීසාරය හිස ඔසවයි…. ඩෙංගු රෝගය නිසා නම් දරුවන්ගේ රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා මට්ටම පහළ බැස තිබිය හැකියි

699

පවතින වැසි සහිත කාලගුණය නිසා දිවයිනේ ප‍්‍රදේශ රැුසක් පසුගියදා ජලයෙන් යටවිය. ගංගා පිටාර ගැලීම නිසා සහ ජලය බැසයන තැන් අවහිරවීම නිසා සිදු වූ මෙම විපතින් දිස්ත‍්‍රික්ක 10 ක ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට පත්වූහ. ඇතැම් නිවාස අඩි තුන හතරකට වඩා ජලයෙන් යටවිය.
 
 මෙලෙස ජලයෙන් යටවීම නිසා ජනතාවට පිරිසිදු ජලය පානයට ඇති අවස්ථාවන් සීමාවේ. ජලය දින ගණනක් රැස්ව තිබීම නිසා විවිධ වෛරස බැක්ටීරියා රෝග මතුවීමේ අවදානමක් ද මතුව ඇත.
 
 කැලි කසළ සහ මළපහ බැසයෑමේ අවහිරතා නිසා මැස්සන් බෝවීම සහ මදුරුවන් බෝවීමේ වැඩි ඉඩකඩක් ද පවතී. මෙවැනි පසුබිමක කුඩා දරුවන්ට පාචනය, අතීසාරය වැනි රෝග වැළඳීමේ අවදානමක් ඇත. එබැවින් දරුවන්ට දින තුනකට වැඩි උණ පවතී නම් වමනය, බඩඑළිය යෑම, ආහාර අරූචිය, හුස්ම ගැනීමේ අපහසුතා, විජලනය වැනි රෝග ලක්ෂණ පවතීනම් දෙමාපියන් වහාම තම දරුවන් රෝහලක් වෙත රැුගෙන ගොස් නිසි ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගත යුතුය.
 
 රුධිර පරීක්‍ෂාවක් සිදු කිරීම
 
 දරුවන්ට මතුව ඇති රෝග ලක්ෂණ අනුව මෙය වෛරස නිසා හෝ බැක්ටීරියා නිසා ඇතිවූ පාචනය හෝ අතීසාරය රෝගයක් ද කියා රුධිර පරීක්‍ෂාවකින් හඳුනාගත හැකිය. එසේම දින තුනක් පමණ තිස්සේ පවතින්නේ ඩෙංගු රෝගය නිසා ද එසේත් නැතිනම් කොවිඞ් රෝගය නිසා දැයි කියා නිවැරැුදිව හඳුනා ගැනීමට ද හැකියාව ලැබේ. ඩෙංගු රෝගය නිසා නම් දරුවන්ගේ රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා මට්ටම පහළ බැස තිබිය හැකියි. එවැනි තත්ත්වයකදී වහාම නිසි ප‍්‍රතිකාර ලබාදීම නිසා ඩෙංගු රක්තපාතය සහ කම්පන තත්ත්වය ඇතිවීම වළක්වා ගත හැකිය. එසේම පවතින වැසි සහිත තත්ත්වය නිසා දරුවන්ට සෙම්ප‍්‍රතිශ්‍යාව උත්සන්නවී නියුමෝනියා රෝගය මතුවිය හැකිය. එවිට දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. මෙවැනි පසුබිමක දෙමාපියන් තම දරුවන්ට මේ දිනවල මතුවිය හැකි රෝග හමුවේ කිසිදු බියකින් තොරව රෝහල් වෙත ගොස් නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමට අවධානය යොමුකළ යුතුය.

ගංවතුර නිසා පාචනය, අතීසාරය හිස ඔසවයි.... ඩෙංගු රෝගය නිසා නම් දරුවන්ගේ රතු රුධිරාණු සහ රුධිර පට්ටිකා මට්ටම පහළ බැස තිබිය හැකියි
advertistmentadvertistment
advertistmentadvertistment