ගංවතුර පාලනයට ඉන්දියාව උණගස් වවයි

361

ගංවතුර, නාය යෑම් සහ නියඟයේ බලපෑම් අවම කිරීමට උණගස්වලට හැකි බව ඉන්දියාවේ කේරලයේ වයනාද් දිස්ත්‍රික්කයේ කෝට්ටතර පංචායතනය හරහා ගලාබසින කබිනියේ අතු ගංගාවක් වන චාලිපුෂා ගං ඉවුරේ සිටුවා ඇති උණ පඳුරු මගින් තහවුරු වී ඇත.

 ගංවතුර සමයේ ප්‍රදේශයේ ඇති ගොවිබිම්වලට හානි සිදුනොවීමටත්, ඉඩම් ජලයෙන් යට නොවීමටත් හේතුව ගං ඉවුරේ උණගස් සිටුවා තිබීම බව මේ වන විට අනාවරණය වී ඇත.

 එබැවින් ගං ඉවුරු දෙපස ඇති උණ ගස් කැපීම සිදුනොකරන ලෙසට ජනතාව දැනුවත් කළ යුතු යැයි කුරුචිය ගෝත්‍රිකයකු වන එලූ සඳහන් කරයි. මේ වන විට 56 හැවිරිදි ඔහු කුඩා කාලයේ ගං ඉවුරේ උණ පැළ සිටුවා ඇත. ඔහු ගං ඉවුරු දෙපස සහ මාර්ග දෙපස උණ රිකිලි දහස් ගණන් සිටුවීමේ වගකීම තනිව ගෙන සිදුකරයි.

 ඉන්දු ගෝලීය සමාජ සේවා සංගමයේ ද 2018 සහ 2019 ගංවතුරෙන් පාඩම් ඉගෙන ගනිමින් දිස්ත්‍රික්කයේ උණ පැළ සිටුවීමට පියවර ගත් අතර මේ වන විට ඔවුන්ද උණ පැළ 30,000 ක් පමණ සිටුවා ඇත. ප්‍රජා මූලික ආපදා ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය ලෙස නම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment