ගංවතුර සහනාධාර ගසා කෑ බවට පකිස්ථාන ආණ්ඩුවට චෝදනා

165

පාකිස්ථානයේ සින්ද් පළාතේ ඇතිවූ ගං වතුර නිසා පීඩාවට පත් ජනතාවට සහනාධාර ලබා දීමේදී පාලක ජනතා පක්ෂය එම සහනාධාර මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට සින්ද් පළාත් විපක්ෂ නායක හලීම් අදිල් ෂෙයික් චෝදනා කරයි. විපතට පත් ජනතාවට ලබාදීමට රුපියල් බිලියන ගණනක මුදල් ලැබුණු බව ද ආණ්ඩුව එම මුදල් විපතට පත් ජනතාවට නිසි ලෙස ලබා නොදුන් බව ද විපක්ෂ නායකවරයා චෝදනා කරයි.ගංවතුර නිසා ඩෙංගු පැතිරීම වේගවත් වූ බවද නමුත් එය පාලනයට හෝ ආණ්ඩුවට නිසි වැඩ පිළිවෙලක් නොතිබූ බවද පවසයි.දිනපතා ගුවන් මගින් සහනාධාර විශාල වශයෙන් ලැබුණු බවත් ඒවා කොහේ ගියාදැයි නොදන්නා බව ද විපක්ෂ නායකවරයා චෝදනා කරයි.එක් පැයක් ඇතුළත රුපියල් බිලියන 130කි ආධාර මුදලක් එකතු වී ඇති බව ද එම මුදල් ගියේ කාගේ සාක්කුවට දැයි සොයා බැලිය යුතු බව ද පවසයි. මෙම ගංවතුරින් නිවාස දස ලක්ෂයක් පමණ හානියට පත් වූ අතර සෞඛ්‍ය සේවා ආයතන 888ක් හානියට පත්වූ අතර මධ්‍යස්ථාන 180ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment