ගඟවට කෝරළයේත් පෙහොට්ටුව පිපෙයි

313

මෙතෙක් එජාපයට බලය හිමිව තිබූ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිකර දෙමින් එම පක්ෂයේ ඩී.ඒ ධර්මසේන මහතා සභාපති ධූරයට පත්විය.
නව සභාපතිවරයෙකු තෝරා ගැනීම අද (18) මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලවේදී පැවැත් විණි.
අයවැය පිට පිට දෙවතාවක් සභා සම්මත නොවීම නිසා හිටපු සභාපති සුභාෂ් යටවර මහතා තනතුර හැරගියා සේ සලකා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා විසින් පළාත් පාලන පනත අනුව සභාපති ධූරයේ වැඩ බැලීම සඳහා උප සභාපතිවරයාව පත් කරනු ලැබීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 09 දෙනාත් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මන්ත්‍රීවරු දෙදෙනාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු දෙදෙනත් එජාපයේ එක් මන්ත්‍රීවරයෙකුත් මෙදින සභාවට පැමිණ සිටියහ.
හිටපු සභාපති සුභාෂ් යටවර මහතා ඇතුළු එජාප මන්ත්‍රීවරු 08 දෙනෙකු මෙදින සභාවට නොපැමිණීම විශේෂත්වයකි.
සභාපති ධූරය සඳහා ඩීගඑම් ධර්මසේන මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමින්ද කරුණාරත්න මහතා විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ එම පක්ෂයේ එම් චාමිකර මහතා විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment