ගජමෑන් පත්තරෙන් රඟහලට

433

ලංකාවේ පැරණිතම පුවත්පත් චිත්‍ර කතාවක් වන කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටූනය ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘කැමිලස්ගේ ගජමෑන් 3D’ සිනමා නිර්මාණය මෙරට සිනමා ඉතිහාසයේ බිහිවූ පළමු 3D Animation චිත්‍රපටය වේ. Avator, The Adventunes of Tin Tin වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටවල භාවිතා කළ නවීනතම Motion Capture තාක්‍ෂණය ලාංකේය නිර්මාණයකට උපයෝගී කරගත් මෙය චානක පෙරේරාගේ අධ්‍යක්‍ෂණයකි.
Studio 101 සජීවීකරණ කණ්ඩායමේ මූලිකත්වයෙන් නිෂ්පාදන කටයුතු ඇරඹූ මෙය 2010 වසරේ අගෝස්තු මාසයේදී මූලික වැඩ කටයුතු ආරම්භ කළ අතර පසුව ගජමෑන් චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූයේ 2018 වසරේදී ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ය.

ගජමෑන් පත්තරෙන් රඟහලට

ගජමෑන් (දසුන් පතිරණ), මගෝඩිස්තුමා (ටිරාන් අබේවර්ධන), ඇම්ඩා (චාමර ප්‍රියදර්ශන), ස්වීටි (නිපුනි ශාරදා), පද්මාවතී (කසුනි කාවින්දි), ටික්කා (ප්‍රදීප් රාමවික්‍රම) Motion Capture තාක්‍ෂණයෙන් සිදු වූ මෙහි දර්ශන සඳහා ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වේ.

සිනමාපටයේ චරිත සඳහා හඬ මුසු කරන්නට පොඩි මල්ලී සහ චූටි මල්ලී යුගලයේ මූලිකත්වයෙන් ජනප්‍රිය හාස්‍ය ශිල්පීන්, නළු නිළියන්, රේඩියෝ නිවේදකයන් රැසක් එකතු වී තිබේ.

ගජමෑන් තිර පිටපත රචනය සිදුකොට තිබෙන්නේ ද මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට හඬ මුසු කරන ගාමින්ද පියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද (පොඩි මල්ලී) දෙනාගේ එකතුවෙනි. චාමික ජිනදාස චිත්‍රපටයේ නිෂ්පාදකවරයායි. ගජමෑන් හි සංගීත අධ්‍යක්‍ෂණය අනුෂ්ක උදාන (wasthi) විසිනි.

ජනවාරි මස 20 වැනිදා සිට මෙම සිනමා නිර්මාණය EAP මණ්ඩලයේ සිනමාශාලා රැසක තිරගත කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment