ගජමුතු සමග අධිකරණ සේවකයන් දෙදෙනෙක් අත්අඩංගුවට

157

රුපියල් මිලියන 12කට ගජමුතු 05ක් චීන ජාතිකයෙකුට අලෙවිකිරීමට තැත්කළ පුද්ගයින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකදීය.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ සේවකයෙක්, නඩු භාණ්ඩ කාමරයේ සේවකයෙක් සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බව පොලීසිය පවසයි.එම ගජමුතු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ බවට සැක කෙරෙයි.ගජමුතු පහක්, සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment