ගජමුතු හොරු එස්ටීඑෆ් එකට කොටු

329

ගජමුතු 10 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු කල්මුනේ විශේෂ කාර්ය බළකාය විසින් 21 දා සවස වරිපතන්චේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කල්මුනේ විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත වරිපතන්චේන ප‍්‍රදේශයේ අෂ්රෆ් අනුස්මරණ ක‍්‍රීඩාංගණය අසලදී මෙම ගජ මුතු විකීණීමට තැත්කිරීමේදී මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගජ මුතු 10 රුපියල් මිලියන 10 කට අලෙවි කිරීමට සැලසුම් කර ඇති අතර එම අවස්ථාවේ එම ස්ථානය වැටලූ විශේෂ කාර්ය බළකාය එම ගජ මුතු සමග පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එරගම පොලීසියට භාරදී තිබේ.

මෙම වැටලීම විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අම්පාර ප‍්‍රදේශය භාර අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ කල්මුනේ විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපති මෙරිල් ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

කල්මුනේ – ආර් ශ‍්‍රීවේල්රාජා

advertistmentadvertistment
advertistmentadvertistment