ගජේන්ද්‍රකුමාර් හා පොලිසිය අතර ගැටුම අද උසාවිය හමුවට

220

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර පසුගිය සිකුරාදා (02දා) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා වාර්තාවක් කැඳවා ඇත.

සිදුවීම සම්බන්ධයෙන් අද (05දා) අධිකරණයට කරුණු වාර්තා කරන බව අමාත්‍යාංශය කියයි.

ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා විසින් පහරදීමට තැත් කරන අයුරු හා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍යවල පළවී ඇත. මන්ත්‍රීවරයා මෙලෙස හැසිරී ඇත්තේ වඩමාරච්චි නැගෙනහිර මර්ධන්කර්නි ප්‍රදේශයේ ජනහමුවකට සහභාගී වෙමින් සිටි අවස්ථාවකය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment