ගණිකාවට නඩු වැටුනත් පිම්පියාට නඩු නැත… සමාජයේ හමුවන අමුතු තැරැව්කාරයන්ගේ කතාව

868

* අන්තර්ජාලයේ දැරියක් විකුණුවේ නවීන පිම්පියෙක්…

මිත‍්‍ර ශ‍්‍රී කරුණානායක

හම්බ කිරීම සහ හරිහම්බ කිරීම යනු දෙකකි. ‘‘බල්ලො මරාලා හරි සල්ලි හොයාලා’’ ජීවත් වන්නට කැමති මිනිසුන් එමට මේ රටේ එවන් හරි නොවන හම්බ කිරීම්ද අනන්තය.

සම්මා කම්මන්ත යනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ග වලින් බුදු රදුන් ඉගැන්වූයේ මේ හරිහම්බ කිරීම ගැනයි. සොරකම් කර, මුදලට මිනී මරා, මංකොල්ල කා, අල්ලස් ගෙන පගා ගසා, කොමිස් කා, අනුන්ගේ දේපළට හොර ඔප්පු හදා විකුණා, අනුන්ට ගිනි ගෙඩිදී විනිමය වංචා කොට බදු පැහැර හැර උපයන දේ හරි හම්බ කිරීමේ කුලකයට නොවැටේ.

එමෙන්ම කොතරම් දරිද්‍රතාවයෙන් පෙළුනත් තම රීරි මාංස හෙවත් ඇඟපත සල්ලාලයන්ට විකුණා නොහොත් ගණිකා වෘත්තියේ යෙදී මුදල් ඉපයීමද හරිහම්බයක් නොවේ. ඒවා වසර දහස් ගණන් පැරණි වෘත්තීන් වුවද සම්මතයට පටහැනි සමාජයෙන් කොන් වන ආදායම් මාර්ග ලෙස සැලකේ.

පිම්පියා හෙවත් පිම්පි රස්සාව කරන්නාද එවන් වෘත්තිකයෙකි.

අවර අසික්කිත පහත් පෙළේ වැඩක් කළ අයෙකුට ”පිම්පි වැඩ කරන්න එපා මිනිහෝ’’ කියා බනිනවා අප අනන්තවත් අසා ඇත.

කේම්බි‍්‍රජ් ශබ්දකෝෂය පිම්පියා PIMP යන්න මෙසේ නිර්වචනය කරයි.

”ගණිකාවන් පාලනය කරන ඔවුනට සේවාලාභීන් සොයා දී ඔවුන් ලබන කුලියෙන් යම් කොමිස් මුදලක් ලබන්නා පිම්පියායි.’’ (Pimp is a man who controls prostitutes and arranges clients for them, taking a percentage of their earnings in return.)

සැබෑවටම පිම්පියන් කරන්නේ ගණිකාවන්ට හෙවත් වාණිජමය ලිංගික ශ‍්‍රමික ශ‍්‍රමිකාවියන්ට සේවාලාභීන් සොයා දෙනවා සේම ලිංගික කටයුත්තක් සඳහා මුදලට කාන්තාවක් හෝ පුරුෂයෙක් සොයන තැනැත්තෙකුට එවන් අයෙකු සොයා දී යම් මුදලක් ඉපයීමයි. බොහෝ විට මුදලක් දී කාන්තා පහසක් සොයන්නට පෙළඹෙන්නේ නිසි ලෙස කම් සැප නොලබන්නෙක්, ලබන කම් සැපෙන් තෘප්තිමත් නොවන්නෙක් අසහනකාරයෙක් හෝ සල්ලාලයෙක් වැනි අයෙකි. පිම්පියා මේ කිසිවෙකුගේ තරාතිරම නොබලා ඔහුට හැකි උපරිමයෙන් තම සේවය ලබා දෙයි.

ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව පෞද්ගලිකව ලිංගිකව හැසිරීම (Practicing se*) වරදක් නොවේ. කාමමිථ්‍යාචාරයද (Adultery) සාපරාධී වරදක් නොවන අතර එය විවාහ වරදකි (Marital offence) කාමමිථ්‍යාචාරය යනු යමෙකු තම කලත‍්‍රයාට ( තම සහකරුට හෝ සහකාරියටSpouse) අමතරව වෙනත් අයෙකු සමග ලිංගික ක‍්‍රියාවලියේ යෙදීමයි. නමුත් මෙම ලිංගික කාර්යය මුදල් හෝ වෙනත් වාණිජ්‍යම ගනුදෙනුවක් මත පදනම්ව සිදුවේනම් එය වරදක් ලෙස සලකන අතර ඒ සම්බන්ධයෙන් නීතිමව වශයෙන් කටයුතු කිරීමට වැළැක්වීමට දඬුවම් කිරීමට අපගේ දණ්ඩ නීති සංග‍්‍රහයේ විධිවිධාන සලසා ඇත.

පාදඩ සහ අයාලේ යෑමේ ආඥා පණත(Vagrant Ordinance) 1841 දී යටත් විජිත පාලකයන් විසින් අප රට තුළ බලාත්මක කරන ලද ප‍්‍රධානතම ආඥා පනතක් වන අතර එය අප රටේ ඉපැරණිතම පනතක් වශයෙන්ද හැඳින්විය හැක. විචල්‍යතාවයට අදාළ නීතිය සංශෝධනය කිරීම සහ තහවුරු කිරීම සඳහා වූ ආඥා පනතක් ලෙස මෙය නීති විශාරදයන් හඳුන්වන අතර මෙම වේග්රන්ට් හෙවත් පාදඩ ආඥා පනතේ දෙපයින් ගොස් කරන වැරදි වන අයාලේ යෑම මහමග අසංවර සහ අයුතු ලෙස හැසිරීම ප‍්‍රචණ්ඩ කටයුතු කිරීම අයුතු ජනරාශි සහ මහා මාර්ගයේ කැරළි ගැසීම ආදී වැරදි වලට අමතරව ගණිකා වෘත්තියේ යෙදීම හෙවත් වාණිජ ලිංගික ශ‍්‍රමිකයන්ට හා ඊට සම්බන්ධ වැරදි වලට අදාළ නීති සහ දඬුවම්ද ඇත. බ්‍රොතල්ස්් ඕඩිනන්ස් (Brothels Ordinance) හෙවත් ගණිකා නිවාස ආඥා පනත යනුවෙන්ද පනතක් අපගේ දණ්ඩ නීති සංග‍්‍රහයේ ඇත. මෙය අප රටට හඳුන්වා දෙනු ලැබුවේ පාදඩ ආඥා පනත බලාත්මක වී වසර 48 කට පසුව එනම් 1889 වසරේදීය.

ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම හෝ කළමනාකරණය කිරීම හෝ කි‍්‍රයා කිරීම හෝ සහාය දීම; හෝ ඕනෑම පරිශ‍්‍රයක කුලී නිවැසියා, බදුකරු, පදිංචිකරුවෙකු හෝ හිමිකරුවෙකු වීම, දැනුවත්ව එවැනි පරිශ‍්‍රයන් හෝ එහි කොටසක් ගණිකා නිවාසයක් ලෙස භාවිතා කිරීමට හෝ පුරුද්දක් ලෙස ගණිකා වෘත්තියේ යෙදීමට අවසර දීම; හෝ කිසියම් පරිශ‍්‍රයක බදුකරු හෝ ඉඩම් හිමියා හෝ එවැනි බදුකරුගේ හෝ ඉඩම් හිමියාගේ නියෝජිතයා වීම, එම පරිශ‍්‍රයන් හෝ එහි යම් කොටසක් ගණිකා නිවාසයක් ලෙස භාවිතා කිරීමට හෝ භාවිතා කිරීමට යන දැනුමෙන් එම හෝ එහි යම් කොටසක් සඳහා ඉඩ ලබා දීම හෝ එවැනි පරිශ‍්‍රයක් හෝ ගණිකා නිවාසයක් ලෙස අඛණ්ඩව භාවිතා කිරීම සඳහා හිතාමතාම පාර්ශවකරුවෙකු වන අතර, වරදකට වැරදිකරු විය යුතුය.

ඉහත සඳහන් ආඥා පනතට ගණිකාවන් සපයන තැරැව්කරු හෙවත් පිම්පියා ඍජුවම අසු නොවන නමුත් වක‍්‍රාකාරයෙන් ඊට සම්බන්ධ කොට දඬුවම් ලබා දිය හැකිය.

පිම්පියන්ට නොහොත් පිම්පියාවියන්ට විරුද්ධව ශ‍්‍රී ලංකා අධිකරණයේ නඩු පවරා ඇති බවට අනන්තවත් සාක්ෂි අධිකරණ ඉතිහාසයේ ඇත. ඩොරති සිල්වාට එරෙහි පිටකොටුව පොලීසියේ ස්ථානාධිපති නඩුව (Dhorati Silva vs OIC Vice Branch Pettah 78 NLR 433 12) මේ සඳහා එක් උදාහරණයකි. එකල ”සල්මල්’’ නමින් මල් සාප්පුවක් වැල්ලවත්තේ පැවති අතර එහි හිමිකාරිය වන ඩොරති සිල්වා ඇත්තටම එහි මල්ම විකුණුවේ නැත. මල් විකුණන බව පෙන්වමින් ලිංගික ශ‍්‍රමිකාවන් කුට්ඨනය කිරීම එහි ජයටම සිදු වී ඇති අතර මෙහි මල් මිලට ගැනීමේ මුවාවෙන් එන පිරිමින්ට ඡායාරූප ඇල්බමයක් මගින් සුරූපී කාන්තාවන් පෙන්වා ඔවුන් එකියක් තෝරා ගත් පසු ඇයවත් ඔහුවත් අදාළ හෝටල් කාමරයකට ගෙන්වා සංසර්ගයේ යෙදීමට පහසුකම් සපයා දෙනු ලබයි. කාලයක් තිස්සේ පිටකොටුව පොලීසිය මෙම ක‍්‍රියාවලිය දෙස ඇස ගසාගෙන සිට සාර්ථක වැටලීමක් කොට ඩොරති ඇතුළු පිරිස නීතියේ රැහැනට කොටු කර ගත් අතර අසුවුණ චූදිතයන්ගේ නීතිඥවරු කොතරම් තර්ක විතර්ක ඉදිරිපත් කළත් අධිකරණය තීන්දු කර ඇත්තේ මෙතන ගණිකා ආඥා පනත යටතේ විෂය පථය තුළ ඇය පිම්පි කුලයේ වරදක් කර ඇති බවයි.

අපි නැවතත් පිම්පියන් ගැන කතා කරමු.

අවිධිමත් විමර්ශන කීපයක් සහ ගවේෂණාත්මක ලිපි කියනු පිණිස තරුණ අංකුර මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකු කළ සොයා බැලීමක් හැර මේ පිම්පීන් ගැන මෙතෙක් විධිමත් හැදෑරීමක් නොකළ බව මගේ අදහසයි. ඇත්තෙන්ම කිසිම වටිනාකමක් වැදගත් කමක් නැති මුන් ගැන හැදෑරිය යුත්්තේ ඔවුන්ට වටිනාකමක් දෙනු පිණිස නොව උන්ගෙන් සමාජයට වන හානි අවම කර දැමීමටයි.

පිම්පීන් හෙවත් ගණිකා තැරුව්කරුවන් වර්ග කීපයකි.

ස්ථාන ස්ථාපිත පිම්පියන්, ජංගම පිම්පියන්, ඇල්බම් පිම්පියන්, වීදි පිම්පියන්, වෑන් හෙවත් ටින්ටඞ් පිම්පියන්, ත‍්‍රිරෝද රථ පිම්පියන්, මයි ඕන් පිම්පියන්, ටෙලිෆෝන් හෙවත් මිතුරු හමු පිම්පියන් සහ මෑතකදී බිහිවුණු ඔන්ලයින් පිම්පියන් මෙම කාණ්ඩ වලට අයත්ය.

ස්ථාන ස්ථාපිත හෙවත් දඹ හවුස් පිම්පියා යනු හෝටලයක හෝ ආරක්ෂිත නිවසක ගණිකාවන් කීප දෙනෙකු රඳවාගෙන එහි තමා දන්නා හඳුනන තෝරාගත් කස්ටමර්ලාට පමණක් සේවය සපයන පුද්ගලයායි. ඔහුට හෝ ඇයට සිටින්නේ මුදල් හදල් යහතින් ඇති වැදගත් යයි සමාජයේ නමක් රඳවාගෙන සිටින මහත්වරු පන්තියේ සේවාලාභීන්ය. මොහු ඉතාම දක්ෂ ලෙස පළාතේ පොලීසිය ඩිවිෂන් එකේ ලොක්කා සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අල්ලා ගෙන ඔවුන්ට දොල පිදේනි දෙමින් තම පිම්පි රස්සාව කර ගෙන යයි. මෙවැනි උන් බොහෝ විට කස්ටමර්ලාගෙන් මුළු මුදලම අය කරන අතර තමා යටතේ සේවය කරන ගණිකාවන්ට ලබා දෙන්නේ මාසික හෝ සතිපතා වැටුපකි. සන්තෝසම් හෙවත් ටිප් එක ලබා ගැනීමේ අයිතිය ලිංගික සේවක සේවිකාවන්ට ඇත. පොලිසියෙන් පැන අල්ලාගෙන ගියොත් හෝ වෙනත් අන්දමින් නීතියේ රැහැනට අසු වුවහොත් ඔවුන්ව ඕනෑම වියදමක් දරා බේරා ගැනීමට මොහු පැකිලෙන්නේ් නැත. ලොකු කුඩා පොලිස් නිලධාරීන් දේශපාලඥයින් හමුදා නිලධාරීන් ව්‍යාපාරිකයන් විධායක මට්ටමේ නිලධාරීන් මොවුන්ගේ නිත්‍ය සේවාලාභීන් වෙයි. ඔවුන්ට ගණිකාවන් සපයනවා සේම ඒ ගණිකාවන්ගේ සුබසාධනය සොයා බැලීම ලිංගික සහ සමාජ රෝග සායන වලට යොමු කිරීම අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමට මුන් නිසියාකරව ඉටු කරන නිසා කස්ටමර්ලා මෙවැනි තැන් වලට එන්නේ දැඩි විශ්වාසයෙනි.

ජංගම පිම්පියාට තැනක් නැත. නොහොත් ඔහුට තැනක් තිබුණාට ඔහු අලෙවි කරන ගණිකාවට රැඳී ඉන්නට තැනක් නැත. ඇය සමහරවිට ගෘහණියකි. නැතහොත් ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකි. එසේත් නැත්නම් වෘත්තීයමය ගණිකාවකි. සමහරවිට මේ ජංගම පිම්පියා අලෙවි කරන කාන්තාවන් අතර රජයේ හෝ පෞද්ගලික ආයතන වල උසස් රැකියා කරන කාන්තාවන් හෙදියන් ගුරුවරියන් වැනි අයද වෙති.

‘‘සේන අයියා මාව දන්නව මං සේන අයියව දන්නව අපි අතර තියෙන්නෙ ලොකු බැඳීමක් සහ විශ්වාසයක්. මං හැමදාම ඞීල් යන්නෙ නැහැ සේන අයියා තමා මට සතියකට එක පාරක් හොඳ කස්ටමර් කෙනෙක් හොයල දෙන්නෙ. එයා පොඩි කොමිස් එකක් ගන්නව මට තමයි ඉතුරු මුළු මුදලම. අනික මායි ගාණ තීරණය කරන්නේ. රූම් එකට යන වියදම කස්ටමර් ගෙවනව. ගෙවල්වල කවුරුත් දන්නෙ නැහැ මං ඞීල් යනව කියල එයාලා හිතන්නේ මං වෙනද වගේ වැඩට යනවයි කියලයි. සේන අයියා දන්නව මගේ මහත්තයා පැත්තක් පන නැතුව එක්තැන් වෙලා ඉන්නේ එයාට බෙහෙත් වලට ලොකු මුදලක් යන බව. ඇත්තටම මං මේව කරන්නේ ආර්ථික ප‍්‍රශ්න නිසයි.

සමරසේන හෙවත් පිම්පි සේනගේ ලැයිස්තුවේ සිටින්නේ ඉහතින් කතා කළ රුවනි වැනි වැදගත් පෙනුමැති වැදගත් රස්සා කරන කාන්තාවන්ය. ඔවුන් අර්ධකාලීන වෘත්තියේ යෙදෙන පාට් ටයිම් ගණිකාවන්ය.

ඇල්බම් පිම්පියා මේ රස්සාව කරන්නේ වෙනත් රස්සාවක් හෝ ව්‍යාපාරයක් කරන අතරතුරේදීය. අප කලින් කී පරිදි එක්කෝ මල් කඩයක මල් විකුණයි. එසේත් නැත්නම් රෙදි සාප්පුවක වැඩ කරයි. සමහරවිට ඔහු කුඩා ව්‍යාපාරයක හිමි කරුවෙකි. ස්වීප් විකුණන, චූන් පාන් අදින, විදුලි බල මනු කියවන සහ සිකියුරිටි ගාඞ් රස්සාව කරන ඇල්බම් පිම්පියන්ද අනන්තය. මේ එවැනි ආරක්ෂක නියාමකවරයෙක් තම දෙවෙනි රැකියාව විස්තර කරන අන්දමයි.

”මං වැඩ කරන්නෙ පොඩි සෙකියුරිටි සර්විස් කොම්පැනියක. ඒකෙන් ලැබෙන පඩියෙන් සතියක් ගෙවා ගන්න බැහැ. ඒක නිසයි මේ පිම්පි රස්සාව කරන්නේ. මේ තියෙන්නෙ මගේ ඩමි සෙට් එක (ඔහු කුඩා ඡායාරූප ඇල්බමයක් දිග හැර පෙන්වයි) මේ නීතා. මේ ඬේසි. මෙයා මැලේ නම ටීනා. මූ කොල්ලෙක් නම දැන් ඩිලී කියල වෙනස් කරන් හෝමොර්න එහෙම ගහල පපුව එහෙම හදාගෙන ඉන්නේ. මෙයා චයිනීස් මෙයා තායි තව රෂියන් දෙන්නෙකුත් ඉන්නවා. ඇත්තටම මට ඉහළින් බොස් කෙනෙක් ඉන්නව එයා තමයි මට අවශ්‍ය උපදෙස් දෙන්නෙ. මා ගාවට කස්ටමර්ලා එවන්නෙ.’’

සිකියුරිටි රස්සාව කරන පිම්පි ටෝනිගේ ක‍්‍රමවේදය මෙයයි. ඔහුට වැටෙන පොයින්ට් එක (ආරක්ෂක සේවා සපයන මුරපළ) කොතන වුණත් ඔහු තමාගේ සාක්කුවේ ඩමි ඇල්බමය රැගෙන යයි. බොසාගේ මගපෙන්වීම මත ටෝනි සොයා කස්ටමර්ලා එන අතර ටෝනිට ඇත්තේ ඩමි ඇල්බමයෙන් කස්ටමර්ට අවශ්‍ය තරුණිය තෝරා ගන්නට අවස්ථාව සලසා දීමයි. කස්ටමර් තෝරා ගන්නේ ටීනාවද ඬේසිවද චීන කෙල්ලද රුසියන් කෙල්ලද ටෝනිට අදාළ නැත. ඔහු කළ යුත්තේ නියමිත මුදල අයකරගෙන කස්ටමර්ට ඔහු තෝරාගත් ගණිකාවගේ ඡායාරූපය ලබා දී ඇය ඉන්නා තැන කියා දීමයි. ඉන්පසු ඡායාරූපයද ගෙන කස්ටමර් තරුණිය සිටින තැනට ගොස් ඇයව අවශ්‍ය තැනකට රැගෙන ගොස් අවශ්‍ය කාර්ය කර ගන්නා අතර එතනින් ගනුදෙනුව නිමා කරයි. ටෝනිට සෑම විටම ලැබෙන්නේ කොළඹ නගරය සහ ඒ ආශ‍්‍රීත පොයින්ට් එකක් වන අතර එසේ ලැබීමට හේතුව එම ආරක්ෂක සේවයේ හිමිකරු ටෝනිගේ අර කී බොසාම බව බොහෝ දෙනෙක් නොදනී.

වීදි පිම්පියන් යනු මහ හිතක් පපුවක් නැති ජාතියකි. කොළඹ නගරයේ පිටකොටුව අඳුරු හරස් වීදී වල කොටුව දුම්රිය පළ ඉදිරිපිට ප‍්‍රධාන බස් නැවතුම අවට මරදාන දුම්රියපළ අසල මෙන්ම ගාලූ මුවදොර, ගාලූ පාර, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, නුගේගොඩ, කිරුලපන, ගල්කිස්ස, මොරටුව ආදී තදාසන්න නගරවල සුලබව දකින්නට ලැබේ. මෙකී එක වීදි පිම්පියෙකුට ගණිකාවන් දෙතුන් දෙනෙකු සිටී. මොහු බොහෝ විට කුමන හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණ මත්පැන් බොන නිතර නිතර පොලීසියට හසු වී හිරගෙදර යන එන මදාවි රස්තියාදුකාර චරිතයකි. අද බොහෝ නගර වල සැරිසරණ තුන්වන පන්තියේ වීදි ගණිකාවන් පාලනය කරන්නේ මෙවැනි පිම්පියෙකු විසිනි.

ඔවුන් අතින් මේ වීදි අභිසරුලියන් බොහෝ තාඩන පීඩන වලට ලක්වේ. නිසි තැනක් යහනක් මෙට්ටයක් තියා පැදුරු කඩමාල්ලක් පවා නැතිව අඳුරු වීදි කොනක කඩපිලක හෝ කාණුවක් පල්ලේ බෝක්කුවක් අස්සේ තාප්පයකට පිටදී ලිංගික සේවය සපයා අසීරුවෙන් උපයන සොච්චම මෙකී පිම්පියන් විසින් උදුරා ගන්නේ හෝ ඩැහැගන්නේ සිත්පිත් නැති පාහරයන් ලෙසිනි. මොවුන් කස්ටමර්ලාට වීදි ලියන් සපයනවා සේම ඒ කාන්තාවන් සමග මිහිරක් විඳින්නට අඳුරට වදින කස්ටමර්ලාට පිහි කොටයක් කිණිස්සක් පෙන්වා මුදල් පසුම්බිය සුද්ද කොට අසීරුවේ දමන්නටද මැළි නොවෙති. කොරෝනා තර්ජනය එනතුරුම මෙවැනි සිදුවීම් කොටුව පිටකොටුව කෙහෙල්වත්ත ආදී පෙදෙස් වල හරි සුලබ දේවල්ය.

”කරේ ලොකු බෑග් එකක් එල්ලං බූට් දෙකක් දාගෙන මහ ?ට මාකට් එක අස්සේ බස් ස්ටෑන්ඞ් එකේ දෙවෙනි හරස් වීදියේ මාත්තුරු කැරකෙන්නේ මොකටද කියල අපි නොදන්නවද මහත්තයෝ… අපිත් බලන් ඉන්නේ කාව කන්නද කියලනෙ පැකට් එකක් ගහන්ඩ. ඉතිං අපි අපේ එකියක් සැට් කරල දෙන්නම ගානක් හොයා ගන්නව නැතිම දවසක තමා අයිනට අරන් ගිහින් සුද්දයක් දාන්නේ.. ට්

ඒ ඩයස් පෙදෙසේ නසාර් කියන කතාවයි. ඔහු ගාල්ලේ සිට කොළඹට පැමිණ අවුරුදු විසි දෙකක් වන අතර ඉන් විස්සක්ම කර ඇත්තේ පිම්පි රස්සාවයි. කෙහෙල්වත්තේ ලොජ් එකක කාමර කීපයක්ම කුළියට ගෙන එහි මතට ඇබ්බැහිවුන තරුණියන් සහ කාන්තාවන් අට දෙනෙක් රඳවාගෙන වීදි ගණිකා වෘත්තියේ යොදවන ඔහු ඉන් උපයන මුදලින් වැඩි ප‍්‍රමාණයක් වැය කරන්නේ හෙරොයින් පානයට සහ බූරුවා ගැසීමටයි. අද ඔහු දත කට මැදන් බලා සිටින්නේ මේ කොරෝනා වසංගතය ඉවර වෙන තුරුය ඒ ගම් බිම් බලා ගිය තම

ගණිකා බලකාය යලි නගරයට කැඳවා ඔවුන් අලෙවිකර සහ කස්ටමර්ලා සුද්ද කර මුදල් ඉපයීමටයි.

වෑන් පිම්පියන් හෙවත් ටින්ටඞ් පිම්පියාට අළුත්ම අළුත් ඩොල්පින් හෝ කේඩිීඑච් වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් හෝ කිහිපයක් ඇත. එ්වා වායුසමනය කල වීදුරු සියල්ල කළු කල හෙවත් ටින්ටඞ් කල වාහනයි. සවස් වරුවට එලි බහින මේ වාහන තුල පිරිපුන් රණ තිසරු සුදු අත්ගොබ මස් පිරුණු කලවා යුගල්, උකුල ලැම හස මලවි කරලිය ආදිය ප‍්‍රදර්ශනය වන පරිදි ඇඳ පැළඳ ගත් සුරූපිනියන් කීප දෙනෙකු වත් සුණු උලා සුවඳ විළවුන් තවරා කාට හෝ කම් සැප පුදන්නට සැදී පැහැදී සිටිති. කස්ටමර් වාහනයට නැග්ග පසු ඔවුන් හෝටල් කාමර වලට හෝ වෙනත් වහලක් යටට යාමක් නැත. පිම්පියා වාහනය එලවද්දී රති කෙළිය හෙවත් කම්සැපය වාහන සීට් එක මතම සිදුවෙයි. සමහර වාහන වල මනාව කුෂන් කල කුඩා ඇඳක් හෝ සෝපාවක් වැනි ආසනයක් දකින්නට ලැබේ.

මෙවන් වෑන් පිම්පි වැඩ අද බොහෝ විට කරන්නේ කාන්තාවන් හෙවත් මැඩම්ලා විසිනි.

ගණිකා මඩම් හිමිකාරියන්ට, ඒවා පාලනය කරන පාලිකාවන්ට මෙන්ම කාන්තා පිම්පියාවන් ඇමතෙන්නේද මැඩම් යන නමිනි. රීසානා මැඩම්, මනෝරි මැඩම්, ආශා මැඩම්, මාලා මැඩම්, සොනාලි මැඩම්, කබ්රාල් මැඩම් සහ අප කවුරුත් හොඳින් දන්නා කොල්ලූපිටියේ ජිනා මැඩම් මෙම කුලකයට අයත්ය.

ත‍්‍රීවිල් පිම්පියන් අද හරිම සුලබය. හැමෝම නැති වුණත් බහුතරයක් ත‍්‍රිරෝද රියදුරන් තමා යන හයර් එකට අමතරව ගානක් කපා ගන්නේ පිම්පි රස්සාව කිරීමෙනි. අකමැත්තෙන් වුවද සමහර ත‍්‍රිරෝද රියදුරන්ට මෙම පිම්පි රස්සාව කිරීමට සිදුවෙයි.

හයර් එකක් යද්දි හෝ යෑමට පෙර…

”මල්ලි කේජී කෑල්ලක් ගන්නෙ කොහෙන්ද.. අයියෙ සීල් බාගයක් ගන්න තැනක් තියෙනවද… මල්ලි, පොලිසියෙන් පනින්නෙ නැති හොඳ රූම්ස් එකක් කිට්ටුව තියේද….’’

ආදී එකී නොකී අවශ්‍යතා වලට විසඳුම් සහ විකල්ප සපයා දිය යුතු ත‍්‍රීවිල් මල්ලීගෙන් ”මල්ලි හොඳ කෑල්ලක් හොයා ගන්ඩ නැද්ද ස්පා එකක් හරි කමක් නෑ…’’

කියා උදව්වක් ඉල්ලද්දී එම ඉල්ලීමට පිටුපා යන්නට හැකි ත‍්‍රිවිල් මල්ලිලා හරි අල්පය. එමනිසා බොහෝ ත‍්‍රිරෝද රියදුරන් ඍජුව හෝ වක‍්‍රව පිම්පියන් බවට පත්වෙයි. එසේම ඍජුවම තම දෙවන ආදායම් මාර්ගය ලෙස පිම්පි වැඬේ කරන ත‍්‍රීරෝද රථ රියදුරන් අද බොහෝය. කළුබෝවිල බඩු සරා, මහරගම පිම්පි චාරක, නුගේගොඩ ලප නිහාල් වැනි පිම්පියන්ගේ නම් සිය ගාණක් අපට කිව හැකිය.

”වීල් එලවන ගමන් මාත් කාලයක් පිම්පි රස්සාව කළා. මං ඒ අය සිය ගාණක් ඇසුරු කරලත් තියෙනවා. දවසක් මගෙ වාහනේට නැග්ග මැදි වයසේ මෙහෙණින් වහන්සේ කෙනෙක්. මට මතක නැහැ එයා කවුද කියල. ඒත් කොල්ලූපිටියෙ ඉඳං කඩුවෙලට යනකන්ම මට අවවාද කර කර ගියා. මගේ ගැනයි මගේ රස්සාව ගැනයි පේන කියනව වගේ කිව්වා. අන්තිමේදී එතුමිය බැහැල මට සල්ලි දීල මගෙන් ඉල්ලා හිටියෙ සුමනෙ අයියෙ ආයෙත් අර පරණ කෙල්ලො සප්ලයි කරන රස්සාව කරන්න එපා ඒව හරි සහගහන අපරාධ ඔයා නිසා ගොඩක් කෙල්ලො මානසිකව වැටිල හිත් පාරගෙන හැඟීම් තුවාල කරගෙන තියෙනව ඒක නිසා ඔය ජරා වැඩ නවත්තන්න කියල..’’

මහත්තයට කියන්න මහත්තයො මං එදා ඉඳං ජරා පිම්පි රස්සාව නැවැත්තුවා.

ඒ කොල්ලූපිටියෙ පිම්පි සුමනේ හිතහොඳ සුමනේ ලෙස වෙනස් වුණු ආකාරයයි.

මයි ඕන් පිම්පියන් කරන්නේ තමාගේ භාර්යාව සහකාරිය හෝ හොඳම මිතුරිය කස්ටමර්ලාට අලෙවි කිරීමයි. ඔහුට ඇත්තේ එක වෙළඳ භාණ්ඩයක් පමණි.

තමාට දාව සුරතල් දරුවන් කීප දෙනෙකු මෙලොවට බිහිකර දුන් ආදර බිරිඳව සල්ලාලයන්ට අලෙවි කරන නරුමයන්ට පිම්පියා කියන නම හොඳ වැඩි බව මගේ අදහසයි. මෙවැනි අධම අසික්කිත වැඩ කරන්නේ බොහෝ විට මත්පැන් වලට හෝ මත්කුඩු වලට ඇබ්බැහිවූ නරුමයන්ය. තම බිරිඳ පමණක් නොව එක කුස කඩා ගෙන ආ නැගණියව, දසමසක් කුස හොවා ලේ කිරි කර දුන් දයාබර මෑණියන්ව තම කුසෙන් මෙලොවට බිහිකළ තමාගේම දියණියව කාමාතුරයන්ට විකුණන ජඩ පිම්පියන්ද අද සමාජයේ අපට අසන්නට දකින්නට ලැබේ.

මෑතකදී ගල්කිස්සේ අලෙවි වුණ පහළොස් හැවිරිදි තරුණියගේ කතාව එයට දිය හැකි ආසන්නම උදාහරණයයි.

මිතුරු හමු, මිතුරු සංසද, මිතුරු සමාජ වැනි විවිධ නම් යොදාගෙන ඒ හරහා ගණිකාවන් සපයා දෙන පිම්පි ආයතනද අද අප රටේත් ලෝකයේත් අනන්තවත් ඇත.

අද අලූත්ම සෙල්ලම ඔන් ලයින් හරහා පිම්පි සේවය ලබා දීමයි. ලංකා ඇඞ්ස් සයිට් එක හරහා ලිංගික ශ‍්‍රමිකයන් විකිණූ දෙල්කඳ ටිරෝන්, නුගේගොඩ කෙවින්, කඩුවෙල පවන් වැනි පිම්පියෝ ගැනද බලධාරීන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතුය.

අප කලින්ද කී පරිදි ගණිකාවකගේ පහස සොයා යන්නේ කම් සැප හරියට නොලැබෙන අය, ලබන කම් සැපෙන් තෘප්තිමත් නොවන අය, අධික ලිංගිකාශාවන් ඇති අය සහ කාමාතුර සල්ලාලයන්ය. මෙය පිරිමි සහ කාන්තා යන පාර්ශවයන් දෙකටම පොදුය. පුරුෂයන්ට කාන්තාවන් තරුණියන් සපයන පිම්පියන් මෙන්ම රාගාධික සහ වෙනත් ආශාවන් ඇති ගැහැණුන්ට වෘත්තීමය හෝ හුදු විනෝදයට ලිංගික සේවය සපයන පිරිමින් සොයා දෙන පිම්පියන්ද අද අප සමාජයේ අනන්තවත්ය. බොහෝ විට මෙවැනි දේ සිදුවන්නේ පෞද්ගලික දැන හැඳුනුම්කම් මත සහ විශ්වාසවන්ත මිතුරෙකුගේ මිතුරියකගේ හඳුන්වා දීම මතයි.

පිරිමින්ට සහ ගැහැණුන්ට ඇති ආශාවන් විවිධාකාරය. එය ලිංගික කටයුතු වලදීත් පොදු සාධකයකි. variety se* or se* variations කියා දෙයක් අසාමාන්‍ය මනෝ විද්‍යාවේ උගන්වයි. ඒ අනුව සමහරු කැමති තමන්ට වඩා බොහෝ වයසින් අඩු සහකාරියක් සමග හෝ සහකරුවකු සමග රමණයේ යෙදෙන්නටය. තවත් සමහරු එහි විරුද්ධ ක‍්‍රියාවට එනම් තමන්ට වඩා වයසින් බොහෝ වැඩි අය කෙරේ ලිංගික ආකර්ෂණයක් දක්වයි. තවත් අය සතුන් සමහ මෛථුන්‍යයේ යෙදෙන්නට, අංග විකල හෝ මන්ද මානසික අය සමග රති කෙළියේ යෙදෙන්නට තවත් අය කිලිටු පෙරා ගත් හෝ විරූපී අය සමග නිදි වදින්නට කැමත්තක් දක්වති. ඉතා කුඩා ළමුන් සමග

ලිංගික ක‍්‍රියා කිරීමටත් කන්‍යාවක සමග යහන්ගතව ඇගේ කන්‍යාභාවය නැති කර සතුටුවන්නටත් රිසි මානසික රෝගීන්ද අප සමාජයේ සිටී. එමෙන්ම අධික තරබාරු හෝ ඉතා කෙසඟ ගැහැනුන් සමග හෝ ගැබ් ගත් තරුණ කාන්තාවන් සමග යහන්ගත වීමේ විකෘති ආසාවන් ඇති අයද අනන්තය.

මේ සියලූ එකී නොකී අවශ්‍යතාවයන් තනියම සපුරා ගැනීමට නොහැකි තැන එම මානසික රෝගීන්ට සිදුවන්නේ තැරැව්කරුවෙකුගේ පිහිට පැතීමයි. එවන් සේවය සැපයීම සඳහා අද සමාජයේ තැරැව්කාර පිම්පියන් සහ එම සේවා සපහන ඒජන්සි ඉතා හොර රහසේ ක‍්‍රියාත්මක වෙයි. අධික මිල ගණන් අය කරන මෙවන් ඒජන්සි බොහෝ විට ක‍්‍රියාත්මක වන්නේ වෙන රහස් නම් වලින් ඔන්ලයින් ක‍්‍රමයටය.

advertistmentadvertistment
advertistmentadvertistment