ගත් තීරණය ගැන යළි සිතා බලන්න – කී‍්‍රඩා ඇමැති භානුකගෙන් ඉල්ලයි

282

ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන්  සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ. එ් අනුව තරුණ ක‍්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යෑම බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබේ.

 භානුක රාජපක්ෂ ජාත්‍යන්තර කි‍්‍රකට් දිවියෙන් සමුගැනීමට පසුගියදා තීරණය කර තිබූ අතර සිය පවුලේ වගකීම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව භානුක එහිදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත දන්වා තිබිණි. කෙසේ වෙතත් භානුකගේ සමුගැනීම පසුපස ශාරීරක යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳ ගැටලූවක්ද පැන නැගී තිබූ අතර භානුකගේ මෙම හදිසි සමුගැනීම පිළිබඳ අදහස් දක්වමින් කී‍්‍රඩා අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.

 ‘ ඕනෑම ක‍්‍රීඩයකයකුට ක‍්‍රීඩාව මෙන්ම ක‍්‍රීඩා ජීවිතය ද අභියෝගාත්මකයි. මේ සියලූ දෙනා වෘත්තීමය ක‍්‍රීඩකයන්. ඒ නිසා වෘත්තීමය ක‍්‍රීඩකයන් හැමවිටම එම වෘත්තීමය තත්ත්වයත් රැුක ගැනීමටත් එය ආරක්ෂා කිරීමටත් බැඳී සිටිය යුතුයි. වෘත්තීමය බැඳීම්වලට ගරු කරමින් ක‍්‍රීඩකයන්ට සිය පෞද්ගලික හේතුමත ක‍්‍රීඩා කණ්ඩායමකින් ඉවත්ව යෑමට පූර්ණ අයිතියක් තිබේ. එවැනි අවස්ථාවක එසේ ඉවත්ව යෑමට ගන්නා තීන්දුව ක‍්‍රීඩකයාගේ තීන්දුවක් විය යුතුයි.

 ඇතැම් විට මෙවැනි තීන්දුවකට පරිපාලනය සමඟ ඇතිවන ගැටලූවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට අවස්ථාවක් තියෙනවා. එසේ වුවද එක් ක‍්‍රීඩකයකු හෝ කිහිපදෙනකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නෑ. එවැනි මැදිහත්වීම් කළ විට සිදුවන්නේ සමස්ත ක‍්‍රියාවලියම කඩා වැටීමයි’ යන්න අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 මේ අතර කී‍්‍රඩකයන්ගේ විනය පිළිබඳවද අදහස් දක්වා ඇති කී‍්‍රඩා අමාත්‍යවරයා ‘පසුගිය කාලයේ ඇතැම් ක‍්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔවුන්ට දඬුවම් නියම කෙරණා. ඔවුන්ට නැවත ක‍්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලැබුණේ අදාළ දඬුවම් කාලය තුළ එම තීන්දුවට ගරු කරමින් හැසිරීම නිසා. එම ක‍්‍රීඩකයන් වුවද නැවත වතාවක් විනය විරෝධීව රටට අපකීර්තියක් ගෙනන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා ක‍්‍රීඩා තහනමක් නියම කිරීම දක්වා වූ තීරණයකට එළැඹීමට වුවද මා මැලි වෙන්නේ නැහැ’ යැයි කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment