ගන්දර OIC යළි රිමාන්ඩ්: සාක්ෂි කරුවන්ට බලපෑම් – පොලිසිය උසාවියට කියයි

332

නිල ඇඳුමින් සිටි අධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි ගන්දර පොලිස් ස්ථානාධිපති අර්ජුන විජේසිංහ නමැත්තා ලබන ජනවාරි 10 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ (28 දා) නියෝග කළේය. 04 – පිටුවට

සාක්‍ෂිකරුවන්ට දැඩි බලපෑම් එල්ල කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් සැකකරු තවදුරටත් රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අනුව මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු තවදුරටත් රිමාන්ඞ් කිරීමට නියෝග කර ඇත.

ගන්දර පොලිසියේ රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් නිලධාරිනියක තම නිල නිවසට ගෙන්වාගෙන ඇයට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබිණි.

ඊයේ පෙරවරුවේ මාතර අධිකරණය හමුවේ මෙම නඩුව විභාග කළ අතර එහිදී සැකකාර නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

එහෙත් මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු නැවත රිමාන්ඞ් කිරීමට නියෝග කළේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment