ගන්නොරුව සහල් පිටි සැකසුම් කම්හලේ නිෂ්පාදන ඇරැඹෙයි

206

ගන්නෝරුව කෘෂිකර්ම පුහුණු ආයතනයේ අභ්‍යාසලාභීන් සඳහා වෙන් කර තිබූ සහල් පිටි සැකසුම් කර්මාන්ත ශාලාව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතට ගෙන නිෂ්පාදන කටයුතු ඊයේ (25දා) සිට ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම කර්මාන්ත ශාලාව විවෘත වූ අතර මෙහි නිෂ්පාදනය කෙරෙන සහල් පිටි සැකසුම් නිෂ්පාදන අලෙවිය හා බෙදාහැරීම හේලීස් සමාගමේ දායකත්වයෙන් රටපුරා සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙළෙඳසල් මගින්ද මෙහි නිෂ්පාදිත සහල් පිටි බෙදාහරින බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා සඳහන් කළේය.

ගන්නෝරුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදිත සහල් පිටි අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පෝෂ්‍යදායි ගුණයෙන් අනූන මුරුංගා කොළ, නිල් කට්රොල්, සහ කරපිංචා කොළ යොදා ඒවා සකස් කෙරේ.

උපාලි ද සේරම්

 

advertistmentadvertistment
advertistmentadvertistment