ගනේගොඩ දුරකථන කුළුණ ඉවත් කරන්නැයි මවක් දරුවා සමග මාරාන්තික උපවාසයක

597

ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ අවිත්තාව, ගනේගොඩ ස්ථාපිත කර ඇති දුරකථන කුළුණක් මගින් නිකුත් වන තරංග නිසා දරුවන් විවිධ චර්ම රෝගවලට භාජනය වන බවත් පාසල් දරුවන්ට මේ නිසා විවිධ දුෂ්කරතා ඇති වන බවත් පවසා එම කුළුණ ඉවත් කර දෙන ලෙස ඉල්ලා මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන දරුවකු සහ මවක් ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඊයේ (16 දා) ආරම්භ කළේය.

මීට පෙරදී ද විදුලි කණුව ස්ථාපිත කර ඇති ස්ථානයේ කාන්තාවක් විසින් උපවාසයක් ආරම්භ කර බල බලධාරීන් දැනුවත් කළද මේ දක්වාම කිසිදු විසඳුමක් ලැබී නොමැති බව ප‍්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතාගෙන් විමසූ විට පැවසූවේ මේ ගැන තමා දැනුවත් බවත් අදාළ අංශ දැනුවත් කර ඇතත් මේ දක්වා විසඳුමක් ලැබී නොමැති බවත්ය. මේ ගැන අදාළ දුරකථන සමාගමෙන් විමසූවිට පොලිසියෙන් විමසන ලෙස පවසා දුරකතනය විසන්ධි කළේය.

නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment