ගබඩාවල තෙල් තිබුණත්බෙදාහැරීම නැවතී – අත්‍යවශ්‍ය සේවා කඩාවැටිලා

151

මේ වනවිට ඩීසල් හා පෙට්‍රල් ගබඩාවලට ගොඩබා තිබුණත් ඒවා බෙදාහැරීම නවතා තිබෙන නිසා රෝහල්, ලංගම ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නැතිව වැඩකටයුතු අඩාළ වී තිබේ.

මේ වනවිට ඩීසල් මෙටි්‍රක් ටොන් 80,000 ක් සංස්ථාවේ  ගබඩාවලට ගොඩබා තිබෙන බවත් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35,000ක් ගබඩා කර අවසන් බවත් තෙල් සංස්ථා නිලධාරීහු සනාථ කළහ.

හඳුන්වාදී තිබෙන ඇප් එක මගින් ඉන්ධන ලබාදෙන බව කියමින් ඉන්ධන බෙදාහැරීම පමා කිරීම නිසා ගමනාගමන කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වී තිබෙන බැවින් නව ක්‍රම අත්හදා බලන තෙක් පෙර පරිදි ඉන්ධන බෙදාහරින ලෙස ඉන්ධන හල් හිමියන් සංස්ථාවෙන් ඉල්ලා තිබේ.

අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේ අරමුණින් මේ වනවිට ඉන්ධන හල් හිමියන් රුපියල් කෝටි 80 කට අධික මුදලක් තෙල් සංස්ථා ගිණුමේ තැන්පත් කර තිබියදී ඉන්ධන ලබානොදීම විශාල ගැටලුවකැයි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයද කියා සිටී.

සංස්ථාව සතුව පෙට්‍රල් හා ඩීසල් තිබියදීත් රටේ ජනතාවට ඉන්ධන නැතුව නිවාසවලට කොටුවී සිටීමට සිදුව ඇත්තේ නිලධාරීන්ගේ අදූරදර්ශී තීරණ නිසා යැයි තෙල් සේවකයෝම චෝදනා කරති. මාසයක් තිස්සේ තෙල් නොමැතිව තිබූ කාලයේදී ඇප් එක හඳුන්වා නොදී තෙල් ගෙනාපසු ඇප් ගැන කියමින් ඉන්ධන බෙදාහැරීම පමා කිරීම ජාතික අපරාධයක් යැයි ද ඔවුහු පවසති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment