ගබ්සා නීතියට ඇමෙරිකානු ජනතාව විරෝධය පළ කරති

302

ඇමෙරිකානු කාන්තාවන්ට ගබ්සාවක් සිදුකර ගැනීමේ මෙතෙක් පැවති නීතිමය අවසරය වෙනස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟම ඊට එරෙහිව සිවිල් සංවිධාන විරෝධතා ආරම්භ කර ඇත.

 ගබ්සාවක් සිදුකර ගැනීමේ අයිතිය එරට ව්‍යවස්ථාවෙන්ම හිමිකර තිබූ අතර එය වසර 50 ක් පැරණිය. එම නීතිය වෙනස් කිරීමත් සමඟ මේ වන විට ඇමෙරිකානු ප්‍රාන්ත 13 ක් ගබ්සාව තහනම් කර ඇත.

 මෙම නව නීතිය සම්බන්ධව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ කාන්තාවන් සතුව තිබූ මානව අයිතියක් අහිමිවී ඇති බවය. එනිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් තීන්දුව ඛේදනීය වරදක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. ගබ්සා කිරීම් සපයන සෞඛ්‍ය සේවා සංවිධාන පවසන්නේ ප්‍රජනක වයසේ සිටින කාන්තාවන් මිලියන 36 කට පමණ ගබ්සා කිරීමේ අවස්ථාව මින් අහිමිවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment